දකුණු පළාතේ ගාල්ල, මාතර, කළුතර යන දිස්ත්‍රික්කවල අනුරාධපුර, පොලොන්නරු අවධිවලට අයත් පුරාවිද්‍යා ස්ථාන හමුවන්නේ ඉතා කලාතුරකිනි. බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ බිහිවීමට පෙර ඉන්දියාවේ මෙන් ම ශ්‍රී පතුල් වැනි උද්දේශික ධාතූන් ලංකාවේද වන්දනාමාන කළ බැව් විද්වත් මතය වන අතර මෙමගින් ශ්‍රී ලංකාවේ සුලභ ලෙස හමුවන්නා වූ ශ්‍රී පතුල් ගල් අනුරාධපුර අවධියේ ආරම්භක කාලයට අයත් කොට සැලකිය හැකිය.
විශේෂයෙන් රජරට ශිෂ්ටාචාරයට අයත් පුරාස්ථාන ආශ්‍රිත ව ශ්‍රී පතුල් ගල් සුලභ ලෙස හමුවන මුත් තෙත් කලාපයෙහි උද්දේශික වස්තූන් ලෙස භාවිත කළ ශ්‍රී පතුල් ගල් හඳුනාගෙන නොමැත.දඔදෙණි අවධියෙන් පසුව ශ්‍රී පතුල් නෙළීමේ සම්ප්‍රදාය භාවිතයට පැමිණි මුත් එහි අභිප්‍රාය උද්දේසික වස්තුවක් ලෙස වන්දනාමාන කිරීම නොව සමනළගිරේ ශ්‍රී පාද පද්මය අනුකරණය කිරීම බව මූලාශ්‍ර ඇසුරින් හඳුනාගත හැකිය.
කොස්ගොඩ ගනේගොඩැල්ල පුරාණ රාජමහා විහාරයේ ඇති ශ්‍රී පතුල් ගල එහි විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කොස්ගොඩ චන්ද්‍රජෝති නාහිමියන්ගේ ආරාධනයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩවිතාන මහතා විසින් පරීක්‍ෂා කර එය අනුරාධපුර මුල් කාලයට අයත් බව ප්‍රථමවරට පෙන්වා දෙන ලදී.ගල් පුවරුවේ කැටයම් කර ඇති ශ්‍රී පාද යුග්මය අතර ඡත්‍රය දක්නට ලැබීම මෙය අනුරාධපුර අවධියට අයත් ශ්‍රී පාදයක් බව වැඩිදුරටත් තහවුරු කරයි. දඹදෙනි අවධියෙන් පසුව සමනළගිරි ශ්‍රී පාදය සංකේතවත් කෙරෙන පාදයෙහි ඡත්‍රයක් නොදක්නා ලැබීමත් එසේ ම මෙම පශ්චාත් කාලයේදී පාද යුග්මයක් වෙනුවට එක් පාදයක් පමණක් දක්නට ලැබීමත් කොස්ගොඩ පුරාණ රජමහා විහාරයේ ශ්‍රී පාද යුග්මයේ පෞරාණිකත්වය තහවුරු කරන්නා වූ අනෙකුත් සාධකයෝ වෙති.
ECB