මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙනිවැල්කොළ සිරි නන්දාරාම විහාරස්ථානයේ කඨින පිංකම 18-19

    ඔක්තෝබර් 15, 2014
    පොල්ගස්ඕවිට, වෙනිවැල්කොළ සිරි නන්දාරාම විහාරස්ථානයේ දෙවැනි වරට පවත්වනු ලබන කඨින මහා පූජෝත්සවය ලබන 18 හා 19 දිනවලදී පැවැත්වේ. 
     
    18දා සර්ව රාත්‍රික පිරිත් දේශනයක් ද පසුදින උදෑසන කඨින චීවර පූජාව හා මහා සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.
     
    උන්දුරුගොඩ, ශ්‍රී විජයනන්දාරාමය, වෙනිවැල්කොළ සිරි නන්දාරාමය යන විහාරස්ථානයන්හි සම්මාන විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී, හේවාගම් කෝරළයේ  උප ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝත්‍යාභිධාන අත්තුඩාවේ නන්දසිරි නායක ස්වාමීන් වහන්සේගේ හා වෙනිවැල්කොළ සිරි නන්දාරාමාධිපති විචිත්‍ර කාව්‍ය ධර්ම දේශක බැරගම ඤාණසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම සංවිධානය කෙරේ.
     
    විහාරස්ථ දායක සභාව, ප්‍රජාපතී කාන්තා සමිතිය හා සිරිනන්ද දහම් පාසලේ ගුරුභවතුන් විසින් මෙම කඨින පිංකම සංවිධානය කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya