මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සෙබළුන් හා සිවිල් වැසියන් ශීල ව්‍යාපාරයකට එක් වෙති

    ඔක්තෝබර් 14, 2014

    ශ්‍රී ලංකා යුද හමුදාවේ 65 වන සංවත්සරය නිමිති කොට ගෙන බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේදී පසුගියදා සිල් සමාදන්වීමේ වැඩසටහනක් පැවැත්වූ අතර ඒ සඳහා තරුණ පිරිස මෙන් ම යුද හමුදා සෙබළුන් ද සහභාගී වූහ.  


    බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් උභය මැදවල මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා අලුත්ගම, ගනේගම ශ්‍රී පූර්වාරාම විහාරයේ සංඝයා වහන්සේලා විසින් දවස පුරා බෞද්ධාගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

    යුද හමුදා සාමාජිකයන් ඇතුළු 500ක් පමණ තරුණ පිරිස මෙදින සිල් සමාදන් වූ අතර, මෙහිදී පුජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල හිමියන් විසින් රචනා කරන ලද පොත් පිංචක් බෙදාදීම ද සිදු කෙරිණි.

    බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව යමින් රණ විරුවන් ඇතුළු තරුණ පරපුර තුළ සාමය, සහයෝගීතාව සහ යහපත් හැසිරීම වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත දියත් කෙරිණි.


    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya