මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ළමා නාට්‍ය උළෙල - සම්මාන ප්‍රදානය 20

    ඔක්තෝබර් 13, 2014
    2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ශ්‍රී ලංකා යූත් රඟහලේ දී පැවැත්වේ.
     
    රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් වටයේ නාට්‍ය පසුගිය දින කොළඹ 07 නව නගර ශාලාවේ දී වේදිකාගත කළ අතර එම නාට්‍ය අතුරින් හොඳම නාට්‍ය, හොඳම නාට්‍ය පිටපත් රචනය, හොඳම නළුවා, හොඳම නිළිය, සංගීතය, පසුතල නිර්මාණය, වේදිකා පරිපාලනය, අලෝකකරණය ආදී අංශ රැසක් සඳහා සම්මාන පිරිනැමීමට නියමිතය. 
     
    සම්මානවලට අමතර ව සහතික සහ මුදල් ත්‍යාගයන් ද ලබාදීමට නියමිතය.
     
    2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සඳහා සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන් ම නාට්‍යයන් තෝරාගෙන තිබුණි.
     
    රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනු මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya