අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන කලා උළෙලක් නුවරඑළියේදී

    ඔක්තෝබර් 11, 2014

    විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන 2014 රාජ්‍ය කලා උළෙලෙහි නුවරඑළිය දිස්ත්‍රික් තරගාවලිය ඊයේ (10) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 


    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සමාජසේවා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක fridsro රාජ්‍ය නොවන ආයතනය විසින් මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සපයා දී තිබේ. 

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් සමාජසේවා අංශය සහ සංස්කෘතික කටයුතු අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන්නට යෙදුණි.

     

    මෙම තරගාවලිය සඳහා  තරගකරුවන් 40කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ. සරල ගී, කෙටි නාට්‍ය, ජන නැටුම්, නව නිර්මාණ, චිත්‍ර, වාදන සහ නාට්‍ය වැනි විවිධ තරග ඉසව් මඟින් ඔවුන් සිය දක්ෂතාවන් ඉදිරිපත් කිරීමට සමත් වූහ. ඒ සඳහා දෘශ්‍යාබාධිත, ශ්‍රවණාබාධිත, මන්ද මානසික, කායික ආබාධ සහ කථන ආබාධ සහිත වූවන් ඉදිරිපත් වී සිටියහ. මෙම තරග සඳහා සහතිකපත් ප්‍රදානය දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

    ජයග්‍රාහකයන්ට අමතර ව සහභාගිත්වයට ද සහතිකපත් මෙහිදී ප්‍රදානය කිරීම සිදු විය.  මෙම තරගයේ ජයග්‍රාහකයන් ජාතික මට්ටමේ තරග සඳහා යොමු කිරීම පසු ව සිදු කරනු ඇත.


    NDH/SH_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya