කලාවැව ඉදිකරන ලද ධාතුසේන මහ රජතුමා ක්‍රි.ව. 459 දි ලක්දිව රජ වු අතර මෙවර කඩවර දේවාල පෙරහැර පවත්වන විට ධාතුසේන රජතුමා රජ පැමිණ වසර එක්දහස් පන්සිය පනස් පහක් සම්පූර්ණ වී තිබීම විශේෂ සිද්ධියක් විය.
අලි ඇතුන් සහිත පෙරහැර උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර පැවති අතර උතුරු මැද පළාත් සභාවත් ගල්නෑව හා ඉපලෝගම ප්‍රාදේශීය සභා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් පෙරහැර කටයුතු සංවිධානය කරනු ලැබ තිබිණ.