මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් චිත්‍රපට උළෙල අදින් අවසන්

    ඔක්තෝබර් 07, 2014
    ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය හා ශ්‍රී ලංකා යූත් පාර්ලිමේන්තුවේ සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය,  ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇති ව සංවිධානය කරනු ලබන ජපන් චිත්‍රපට උළෙලේ සමාප්ති උත්සවය අද (07)  ප.ව.5.30ට මහරගම ශ්‍රී ලංකා යූත් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
     
    මෙහි සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහභාගි වීමට නියමිතව ඇත.
     
    පසුගිය 03දා සිට පැවති ජපන් චිත්‍රපට උළෙලේ සමාප්තිය සිදු වන අද "අකිර කුරසෝවාගේ ද හිඩ්න් ‍‍ෆෝට්ට්‍රස්" චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.
     
    මෙම අවස්ථාවට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු, එම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා ශ්‍රී ලංකාවේ තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන මහත්වරු ද  සහභාගි වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya