මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමියන්ට උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය

    ඔක්තෝබර් 07, 2014

    පොලොන්නරුව, කදුරුවෙල ජයන්ති මහා විහාරයේ විහාරාධිපති තමන්කඩුව හා පොලොන්නරුව දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, පොලොන්නරුව බෞද්ධ සංගමයේ ගරු සභාපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී ධම්මතිලක ධර්ම ශ්‍රී විචිත්‍ර ධර්ම කථික වංශාලංකාර ගෞරව සම්මුති නාම සහිත උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයේ ශ්‍රී සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (05) පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී සිදු කෙරිණි.


    අභිනව සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත විජිනිපත පිළිගැන්වීම සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසින් සිදු කරන ලදී.

    මේ අවස්ථාවට පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කොළඹ, හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය, බෞද්ධ හා අන්‍යාගමික බැතිමත්හු විශාල පිරිසක් එක්ව සිටියහ.

    NDH/WK-BG- dmu polonnaruwa

    S2880137

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya