මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "2014 - ගුරු ප්‍රතිභා ප්‍රභා" ප්‍රණාම උළෙල

    ඔක්තෝබර් 07, 2014
    වි‍ශ්වවිද්‍යාල හා විද්‍යාපීඨ ප්‍රවේශය නොලද අ.පො.ස. උසස් පෙළ සමතුන් 50,000ක් ගුරු සහයකයන් ලෙස බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
     
    ලෝක ගුරු දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිව්වන වරටත් සංවිධානය කළ "ගුරු ප්‍රතිභා ප්‍රභා" ප්‍රණාම සම්මාන ප්‍රදානෝත්සවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (06)   මහරගම ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.
     
    ගුරු සහයකයන් ලෙස බඳවා ගන්නා පිරිසට ජාතික අධ්‍යාපන අයතනය මඟින් වසර 4ක පුහුණුවක් ලබාදී අධ්‍යාපනවේදී උපාධිය පිරිනැමීම ද සිදු කරනු ඇත. ගුරු පුරප්පාඩු පවතින ප්‍රදේශවලින් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය. ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව තොරතුරු තාක්ෂණය යනාදී ප්‍රධාන විෂයයන් සඳහා මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන බවත් අමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    පරිවේණාධිපති ස්වාමීන් වහන්සේලා 25ක්, සියලු ම පළාත් නියෝජනය වන ගුරු විදුහල්පතිවරුන් 700ක්, පරිවේණාචාර්යවරුන් 70ක් හා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ 25 දෙනෙකු යනාදී වශයෙන් 820 දෙනෙකු සඳහා ප්‍රණාම තිළිණ ප්‍රදානය කළහ.
     
    මෙම වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා පෙර ගුරු සේවයේ උසස්වීම් හා හිඟ වැටුප් සියල්ල ගෙවීමට කටයුතු කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය හැර වෙනත් කිසිදු රජයක් අධ්‍යාපනය වෙනුවෙන් මෙවැනි දැවැන්ත‍ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැති බවත් අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය.
     
    අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් තිස්ස හේවාවිතාන, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අබේරත්න බණ්ඩාර, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya