මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් වැඩිපුර ම මිලදී ගන්නේ කොපි පොත්

    ඔක්තෝබර් 03, 2014

    ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීමට ලක්ෂ ගණනින් ජනතාව සහභාගී වන බවට ප්‍රවෘත්ති වාර්තා පළ වුණත් ඉන් වැඩිපුර ම මිලදී ගන්නේ කොපි පොත් බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ "කැලණි සිතුවිලි දියවර 2014" ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. එම උත්සවය අද (03) මාලඹේ, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    පංචායුධ පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලැබූ මෙම සාහිත්‍ය කලා මහෝත්සවය කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්විණි.

    මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහත්මා විසින් ආරාධිත දේශනය පවත්වනු ලැබීය. මෙහිදී කලාකරුවන් කිහිපදෙනෙකුට අමාත්‍යතුමා අතින් සමරු තිළිණ ප්‍රදානය කෙරිණි.

    මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන රොජර් සෙනෙවිරත්න, හෙක්ටර් බෙත්මගේ, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, කඩුවෙල සහකාර ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ යන මහත්වරු, කලාකරුවෝ, සම්මාන ලාභීහු, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya