මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සරස්වතී පූජාවක්

    ඔක්තෝබර් 03, 2014
    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, දමිළ සංස්කෘතික සංසදය විසින් සංවිධානය කළ විශේෂ සරස්වතී පූජාවක් අද (03) එම කාර්යාලයේදී පැවැත්විණි. 
     
    දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත සංවිධානය කෙරුණු මෙම පූජා උළෙල සහකාර දිස්ත්‍රික් ලේකම් ඒ.ඒ. විඳුර සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    මෙම පූජා උළෙලට සමගාමී ව සංවිධානය කෙරුණු දමිළ සංස්කෘතික වැඩසටහනක් ද පැවති අතර නුවරඑළිය නගරාසන්නයේ පිහිටා තිබෙන දමිළ විද්‍යාල කිහිපයක දරු දැරියන් රැසකගේ නර්තනාංග කිහිපයකින් උත්සවය විචිත්‍රවත් වූහ. මේ සඳහා සහභාගී වූ සියලු ම දරු දැරියන් වෙත සහතිකපත් ලබාදීම ද මෙහිදී සිදු විය.
     
    ද්විභාෂා දිස්ත්‍රික්කයක් වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය ස්වකීය ආගමික සහ ජාතික වැඩසටහන් මෙසේ සහෝදරත්වය පෙරදැරිව සිදු කරන අතර මේ අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.
     
    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya