මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "කොළඹ ළමයි" විවිධ ප්‍රසංගය හෙට නෙළුම් පොකුණේදී

    ඔක්තෝබර් 03, 2014
    ඔක්තෝබර් 06 දිනට යෙදෙන ලෝක ජනාවාස දිනයට සමගාමීව පැවැත්වෙන "කොළඹ ළමයි" විවිධ ප්‍රසංගය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) ප.ව. 5.00ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී වේදිකාගත කෙරේ.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රකාරව ජන සෙවණ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක “ජන සෙවණ” ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන මඟින් මෙම විවිධ ප්‍රසංගය සංවිධානය කර තිබේ.
     
    නාගරික ජනාවාස ආශ්‍රිත ව ජීවත්වන දරු දැරියන්ගේ කලා කුසලතා ඔප්නැංවීම මෙහි අරමුණයි.  ඒ අනුව උතුරු කොළඹ, නැගෙනහිර බටහිර කොළඹ, මැද කොළඹ හා බොරැල්ල යන කලාප 04ට අයත් දරු දැරියෝ 2000කට අධික පිරිසක් මේ සඳහා සහභාගී වෙති. කොළඹ අඩු පහසුකම් නාගරික ජනාවාස දරු දැරියන් 2,000කට අධික සංඛ්‍යාවක් විවිධ ප්‍රසංගයක් සඳහා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලට මෙසේ එක්රොක් වන්නේ ප්‍රථම වරට වීම විශේෂත්වයකි. 
     
    මෙම විවිධ ප්‍රසංගයේ සුවිශේෂී සංස්කෘතිකාංග කිහිපයක් ඔක්තෝම්බර් 06 දින පැවැත්වෙන ජනාවාස දින ජාතික සමුළුවේදී වේදිකාගත කිරීමට ද නියමිතය.
     
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න, එහි ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතීඥ පාලිත ගමගේ, එහි අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරුන්, දෙමාපියන්, ජනාවාස වැසියන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya