මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති කුසලාන අන්තර් පාඨශාලයීය විවාද තරගාවලිය පිළිබඳ ව දැනුවත් කිරීමක් මාතරදී

    ඔක්තෝබර් 02, 2014

    ශ‍්‍රී ලංකා සමාජ ආරක්‍ෂණ මණ්ඩලය මඟින් දින 101 සමාජ ආරක්‍ෂණය සමාජගත කෙරෙන පුළුල් වැඩපිළිවෙළ යටතේ ජනාධිපති කුසලාන අන්තර් පාඨශාලයීය විවාද තරගාවලිය පිළිබඳ ව මාතර දිස්ත‍්‍රික්කයෙන් තෝරාගත් පාසල්වල ගුරුභවතුන් දැනුවත් කිරීම හා විවාද මාතෘකා ලබාදීමේ වැඩසටහනක් පෙරේදා (30) මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය සමාජ ආරක්‍ෂණ අංශයේදී පැවැත්විණි.


    විශ‍්‍රාම වැටුප් හිමිකම රජයේ සේවයේ උරුමයකි/උරුමයක් නො වේ, දරුවන් විදේශගත වීම නිසා දෙමාපියන්ගේ ආරක්‍ෂාව තහවුරුවේ/ තහවුරු නොවේ සහ එක් පුද්ගලයෙකුගේ සමාජ රක්‍ෂණය මුළු පවුලටම රැකවරණය ගෙනදේ/ නොදේ යන මාතෘකා යටතේ යෝජක හා ප‍්‍රතියෝජක වශයෙන් තරගාවලිය පැවැත්වීමට නියමිත ය.

    දීප ව්‍යාප්තව පැවැත්වෙන මෙම විවාද තරගාවලිය සඳහා මාතර දිස්ත‍්‍රික්කයෙන් පාසල් 16ක් තෝරාගෙන ඇති අතර අවසන් මහා තරගය සඳහා ඉන් එක් පාසලක් තෝරා ගැනේ.


    අවසන් මහා තරගය නොවැම්බර් මාසයේ අතිගරු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා සමාජ ආරක්‍ෂණ මණ්ඩලයේ මාතර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නිලධාරී අමිල ගමගේ මහතා පැවසීය. 


    NDH/TI-dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya