මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාමිණී නිශාන්ත කරුණාරත්නට කලාකීර්ති සම්මානය

    ඔක්තෝබර් 02, 2014

    සිංහල කාව්‍ය සහ ගීත කේෂ්ත්‍රය සඳහා සිදු කළ මෙහෙය වෙනුවෙන් කිවිවර මාධ්‍යවේදී ගාමිණී නිශාන්ත කරුණාරත්න මහතාට ස්වාමී විපුලානන්ද කලා මණ්ඩපම් කලා සංගමය විසින් කලාකීර්ති සම්මානය පිරිනමන ලදී.

     
    මාතලේ මුත්තුමාරි අම්මාන් දේවස්ථාන රැස්වීම් ශාලාවේ පැවති සංගමයේ වාර්ෂික කලා උළෙලේදී පසුගියදා ගාමිණි නිශාන්ත කරුණාරත්න මහතාට මෙම සම්මානය පිරිනමා ඇත. 

    මෙහිදී විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරමින් විශිෂ්ට සේවාවක් කළ විද්වතුන් සඳහා ඇගයීම් සම්මාන පිරිනැමුණු අතර නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණාන් මහතා අතින් මෙම සම්මාන පිරිනැමීය.

    ගාමිණී නිශාන්ත කරුණාරත්න මහතා මාතලේ දිස්ත්‍රික් සාහිත්‍ය කලා සංසදයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතර සම්මානලාභී කෙටිකතාකරුවෙක් , කවියෙක් මෙන් ම ගීත රචකයෙක් ද වේ. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරී වශයෙන් දැනට ඔහු කටයුතු කරයි. 

    ස්වාමී විපුලානන්දර් පදනමේ සභාපති සාම ශ්‍රී සමුගජෝති කලයි මාමණී කලාපූෂණ මාතලේ රාජ්සිවා එස්. සිවලිංගම් මහතා ඇතුළු ස්වාමි විපුලානන්දර් පදනම මෙම කලා උළෙල සංවිධානය කොට තිබුණි.

    NDH/ISB-dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya