මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාබල හමුදා සෙන්පතීන් දෙදෙනෙකුගේ සේවය ඇගයේ

    ඔක්තෝබර් 02, 2014

    ශ්‍රී ලංකා යුද හමුදාවේ පැරණි ම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව බිහි කළ යුද හමුදා සෙන්පතීන් දෙදෙනෙකුට උපහාර පිදීමේ උත්සව දෙකක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා මුලස්ථානයේ දී පෙරේදා (30) සිදු කෙරිණි.


    ලුතිතන් ජෙනරාල් (විශ්‍රාමික) එච්.වී. අතුකෝරාල සහ නීතිය හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් වත්මන් ශ්‍රී ලංකා පාබල හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා  තවත් ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් එම රෙජිමේන්තු මුලස්ථානයේ දී ඒකාබද්ධ හමුදා උත්සව දෙක පැවැත්විණි.

    ශ්‍රී ලංකා පාබල හමුදාව බිහි කළ එක් විශිෂ්ට හමුදා නිලධාරීයෙකු වන (විශ්‍රාමික)  එච්.ඩී අතුකෝරාල මහතා රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණීමේ දී එහි වත්මන් සේනා විධායක මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා විසින් පිළිගන්නා ලදී. මෙම පරිශ්‍රයට ඇතුළුවීමේ දී එතුමන් වෙත සම්මාන මුරයක් ද පිරිනැමීය.

    අනතුරුව වර්ණවත් සම්මාන ආචාර පෙළපාළියකින් රෙජිමේන්තු භූමියේදී මෙම ප්‍රධාන ආරාධිත අමුත්තන් වෙත ආචාර පුද කළේ පෙළපාළි අණදෙන්නා විසින් එය වාර්තා කිරීමෙන් පසුවයි.

    මේ වසරේ පෙබරවාරි මාසයේ සේනාවිධායක අතිගරු ජනාධිපතිතුමන් විසින් ලුතිතන් ජෙනරාල් නිලයට උසස් කරනු ලැබූ මෙම ශ්‍රී ලංකා පාබල හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 33 වසරක නිකැලැල් සේවා කාලය තුළ පදක්කම් හා සම්මාන රැසකින් පිදුම් ලැබීය. විශිෂ්ට සේවා විභූෂණ, පූර්ණ භූමි පදක්කම ඇතුළු පදක්කම් රැසකින් සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධියක් ද මෙතුමා හිමි කර ගෙන ඇත.‍

    යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සන්නද්ධ සේවා සඳහා පළ වන කොටසේ විශේෂ නියෝග 1 පළ කිරීමේ ගෞරවය ද මෙතුමාට හිමි වේ. 


    1980 වසරේ  යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති  සහ 1982 වසරේ  ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාවිධායක ලෙස විශිෂ්ට සේවාවක්  කළ අතර විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා සංගමයේ සභාපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක සුබසාධක කවුන්සිලයේ සහය උපදේශක ලෙස ද කටයුතු කොට ඇත.


    මෙම උත්සව මාලාවේ දෙවන අදියරේ එහි සපැමිණි ශ්‍රී ලංකා පාබල හමුදාවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවාරච්චි පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා විසිනි. එහි දී සම්මාන මුරයක් ද සම්මාන ආචාර පෙළපාලියක් ද මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මල්ලවාරච්චි වෙත පිරිනමනු ලැබීය.

    1972 වසරේ 2 වන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරිය ලබා  ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත එක් වු මෙතුමා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන් ම වැඩ බලන යුද හමුදාපති ලෙස ද කලක් සේවය කළේය. මේ වන විට නීතිය හා සාමය පවත්වාගෙන යාමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද කටයුතු කරයි. අනුරාධපුර මැදි මහ විදුහලෙන් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප් සතර හදාරා මෙතුමාගේ 36 වසරක යුද හමුදා ජීවිතය තුළ වගකීම්වලින් අනූන තනතුරු රැසක් ද හොබවා ඇත. පසුගිය මානුෂීය මෙහෙයුම්වල දී නැගෙනහිර  ආරක්ෂක සේනා ආඥාපති ( 2003 සහ 2004 ),  ශ්‍රී ලංකා යුද හමුදා  ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ සේනාවිධායක, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී , වැඩ බලන යුද හමුදාපති හා 2006 වසරේ ජූනි මාසයේ මුලතිව් හමුදා මෙහෙයුමේ භට පිරිස් මෙහෙයවීමේ  ගෞරවය ද හිමි කර ගෙන ඇත.

    මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මල්ලවආරච්චි දේශය වෙනුවෙන් කළ අමිල මෙහෙය උදෙසා රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්ලිව්පී) සහ උත්තම සේවා පදක්කම (වීඑස්වී) පිරිනමා ඇත.


    එමෙන්ම මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මල්ලවආරච්චි මහතා, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි උපකුලපති ලෙස ද  විශාල මෙහෙයක් ඉටු කර ඇත. 


    ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරමින් දෙරට අතර මිත්‍රත්වය හා සබඳතා වර්ධනය කිරීමට ක්‍රියාශීලිව කටයුතු කළ ඔහු ඉන්දුනීසියානු නිලධාරීන් සමඟ එක් ව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ජාලය මුලිනුපුටා දැමීමට මහත් මෙහෙයක් කළේය.


    මේජර් ජෙනරාල් (විශ්‍රාමික)  මල්ලවආරච්චි ඉටුකළ අනගි මෙහෙය පිළිබඳ ව පනාගොඩ පැවති අවසන් උත්සවයේ දී හේතු පාඨ කියවූ අතර හමුදා ගෞරවයන් ද ඉතා උණුසුම් අයුරින් පිළිගැන්වීය. 


    NDH/army media

    SLLIparade 9

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya