මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දන් සැකසීමේ මාර්ගෝපදේශන ඇතුළත් උපදෙස් සංග‍්‍රහයක්

    සැප්තැම්බර් 26, 2014

    මහා සංඝරත්නයේ ඉල්ලීමකට අනුව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව භික්ෂූන් වහන්සේලාගේ චිරස්ථිතිය උදෙසා මහා සංඝරත්නයේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට දන් සැකසීමේ නිවැරදි මාර්ගෝපදේශන සහිත දාන වට්ටෝරු ඇතුළත් පොතෙහි පිටපතක් පසුගියදා ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සුරතින් මල්වතු මහා විහාරයේ දී සිදු කෙරිණි.


    වැරදි ආහාර රටාවන් නිසා වර්තමානයේ අප මුහුණදී තිබෙන ප‍්‍රධාන ගැටලුව වන්නේ බෝනොවන රෝග ඉහළ යාමයි. බෝනොවන රෝග ඉහළ යාම නිසා ලෝකයේ විශාල පිරිසක් අකාලයේ මරු දකිති. භික්ෂූන් වහන්සේට ඇතැම් දානමානවලින් ලැබෙන ආහාරපාන හා එම ආහාරපාන පිළියෙල කරන විට ඒවා හැකි තරම් රසවත් කිරීමට යොදාගන්නා ද්‍රව්‍ය බොහෝ විට භික්ෂූන් වහන්සේලාගේ ශරීර සෞඛ්‍යට හිතකර වන්නේ නැත. බොහෝ විට භික්ෂූන් වහන්සේලා ගිලන් බලට පත්වීමට ද එය හේතු කාරක වේ. බෞද්ධ බැතිමතුන් මහත් හරසරින් බැති සිතින් පිළියෙල කරන දානය භික්ෂූන් වහන්සේලාගේ නිරෝගී බවත් ආරක්ෂා වන පරිදි පිළියෙල කළ යුතු වේ.


    මෙම දන් සැකසීමේ නිවැරදි මාර්ගෝපදේශන සහිත දාන වට්ටෝරු ඇතුළත් උපදෙස් සංග‍්‍රහය ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට හා සියලුම විහාරස්ථාන සඳහා ලබාදීමට පියවර ගෙන ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya