අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංරක්ෂණයට බඳුන්වන ජාතික උරුමයන් අද සිට ජාතික රූපවාහිනියෙන්

    සැප්තැම්බර් 19, 2014
    ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය ක‍්‍රියාත්මක කරනු ලබන උරුම ප‍්‍රවර්ධන සහ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් අපේ අස්පර්ශනීය හා ස්පර්ශනීය උරුමයන් සංරක්ෂණය කිරීමේ පළමු පියවර වශයෙන් සාම්ප‍්‍රදායික සිරිත් විරිත් හා අභිචාර විධි නිවැරදිව සිදු කරන ආකාරය රූගත කොට ජාතික උරුමය නමින් වාර්තා වැඩසටහනක් ජාතික රූපවාහිනිය මගින් අද (19) සිට සෑම සිකුරාදාවක ම ප.ව. 4.00 සිට 5.00දක්වා විකාශය කිරීමට නියමිතය.
     
    සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර වාරිත‍්‍ර ඇදහිලි පාරම්පරික කර්මාන්ත ආදිය වර්තමාන සමාජය තුළින් ගිලිහී යාම නිසා දැයේ දරුවන්ගේ අනාගතයේ අභිවෘද්ධියටත්, පැරණි සාම්ප‍්‍රදායන් මතු පරපුරට හඳුන්වා දීමට හා වියැකී යන චාරිත‍්‍ර සහ සිරිත් ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් ජාතික උරුමයන් අමාත්‍යාංශය මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.

    උරුම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකාවේ අප‍්‍රකට හා පුරාවිද්‍යා ස්ථානවල නොදන්නා පැතිකඩයන් සහිත පුරාවිද්‍යා  ස්ථාන 100ක් රූගත කොට සිංහල, ඉංග‍්‍රීසි භාෂාවෙන් හඬකවා දමිළ උපශීර්ෂ සහිත ව ප‍්‍රචාරය කිරීමට මෙම උරුම ප‍්‍රවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘති මගින් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

    ශ‍්‍රී ලංකාව වැනි ස්පර්ශනීය උරුමයන් හා අස්පර්ශනීය උරුමයන් බහුල රටක දියුණුව සඳහාත් සංචාරක කර්මාන්තයේ දියුණුව, ජනතා ආකර්ෂණය හා නැවත පිබිදීම මෙන් ම ඒවා ආශ‍්‍රිත ජීවනෝපාය ගෙනයන්නන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීම මුල් කරගෙන මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරනු ලබයි.

    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya