අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ළමා නාට්‍ය උළෙල - අද "මටත් පුළුවන් මමත් එන්නද" සමඟ තවත් නාට්‍ය තුනක්

    සැප්තැම්බර් 29, 2014
    2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ නවවැනි දිනය වන අද (29) සිංහල නාට්‍ය දෙකක් සමඟින් ඉංග්‍රීසි හා දමිළ නාට්‍ය එක බැගින් පස්වරු 5.00ට කොළඹ 07, නව නගර ශාලාවේදී වේදිකාගත කෙරේ.
     
    ඒ අනුව අද (29)  කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ "මටත් පුළුවන් මමත් එන්නද", එ‍ෆ්. රැජින මේරි ගේ "මිලිරුම් තුලිර්ගල්", කොළඹ මියුසියස් විද්‍යාලයේ "මල් පිබිදෙයි සුවඳ දැනෙයි",  ඩී.ඩබ්. පවර නවමිණ ගේ "සැරසෙන්" යන නාට්‍ය සතර වේදිගත කෙරේ.
     
    ඊයේ (28) සහ පෙරේදා ( 27) දිනවලදී නාට්‍ය උළෙල නොපැවැත්විණි.
     
    සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එක ම වේදිකාවේ දී පැවැත්වෙන මෙම ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන් ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18ක් තෝරාගෙන ඇත.
     
    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක් ව 2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya