අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ළමා නාට්‍ය උළෙල - "දෙයියන්ගේ බබා" සමඟ තවත් නාට්‍ය තුනක්

    සැප්තැම්බර් 22, 2014
    2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හයවැනි දිනය වන අද (22) සිංහල නාට්‍ය තුනක් සමඟින් ඉංග්‍රීසි නාට්‍යයක් පස්වරු 5.00ට කොළඹ 07, නව නගර ශාලාවේදී වේදිකාගත කෙරේ.
     
    ඒ අනුව අද (22) රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයේ "චූටි බබා අපේ විද්‍යාලයේ", කොළඹ රාජකීය විද්‍යාලයේ  "පලි", මීගමුව බටුවත්ත මහා විද්‍යාලයේ "වයිස් බෝයි", එම්. වින්ධ්‍යා ප්‍රභා කුමාරිගේ "දෙයියන්ගේ බබා" ළමා නාට්‍ය සතර වේදිකාගත කෙරේ.
     
    ඊයේ (21) බදුල්ල, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ "අළු කිරිල්ලී", යාපනය, චුන්නාකම් මෙයික්කන්ඩන් මහා විද්‍යාලයේ "තෝට්මත්තු බොම්මෙයි", ර/පැල්මඩුල්ල නවෝද්‍යා විද්‍යාලයේ  "ද රැට් ස්කූල්", චූල දසනායකගේ "ඇලන්ගේ සිහිනය" නාට්‍ය සතර වේදිකාගත කෙරුණි. 
     
    සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එක ම වේදිකාවේ දී පැවැත්වෙන මෙම ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන් ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18ක් තෝරාගෙන ඇත.
     
    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක් ව 2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya