ඒ අනුව එළැඹෙන (21) දා සිට සුපුරුදු පරිදි නාට්‍ය උළෙල පැවැත්වේ.
ඊයේ (18) මීගමුව ශාන්ත ජෝසප් විද්‍යාලයේ "අලුත් රබාන", යාපනය තොන්ඩමනාරු වීර කත්තිපිලෛයි මහා විද්‍යාලයේ "නරිමේලම්", කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ "ද රේන්බෝ ෆ්ලවර්", තුෂාර ජාගොඩ හා අජන්ත රාජකරුණාගේ "චන්ඩිත් එක්ක රවුමක් යං" ළමා වේදිකා නාට්‍ය සතර වේදිකාගත කෙරුණි.
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එක ම වේදිකාවේ දී පැවැත්වෙන මෙම ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන් ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18ක් තෝරාගෙන ඇත.
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක් ව 2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.
DB