අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධර්මපාලතුමාගේ ජන්ම දින ගුණ සමරු උළෙලක් පොලොන්නරුවේ

    සැප්තැම්බර් 17, 2014

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වෙනි ජන්ම දිනය වෙනුවෙන් පවත්වන ලද ගුණ සමරු උත්සවයක් අද (17) පොලොන්නරුව අනගාරික ධර්මපාල පිළිරුව අභියසදී පැවැත්විණි.


    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධායකත්වයෙන් මේ සැමරුම් උත්සවය පැවැත්විණි. 

    ප්‍රදේශයේ පොදු ජනතාවගේ හා පාසල් සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මේ ගුණ සමරු උත්සවයේදී අනගාරික ධර්මපාල ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු සැමරුම් උත්සවය පැවැත්විණි. 

    මෙහි සැමරුම් දේශනය ඇළහැර ප්‍රාදේශීය ලේකම් අනුර ප්‍රේමලාල් මහතා විසින් පවත්වනු ලැබීය. පොලොන්නරුව විද්‍යාලෝක විහාරාධිපති දෙමුන්නෑවෙ උපරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් පබාශීලී ජයලත්, සහකාර දිස්ත්‍රික් ලේකම් ගංගානි නිරෝෂණා, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් සුදන්ත ඒකනායක, පොලොන්නරුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.ආර්. නන්දසේන, ලංකා බැංකුව නව නගර ශාඛාවේ කළමනාකාර එච්.එම්.ඩබ්. බණ්ඩාර යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/WK-BG dmu polonnaruwa

    darmapala1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya