අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල ප‍්‍රාකාරයේ කැනීම් කටයුතු අවසන් වේ

    සැප්තැම්බර් 17, 2014

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පසුගිය දා ආරම්භ කළ කුරුණෑගල ප‍්‍රාකාරයේ කැනීම් කටයුතු මේ වන විට අවසන් වී ඇත.


    කුරුණෑගල වත්මන් ආණ්ඩුකාර ගොඩනැගිල්ලට උතුරු දෙසින් පැවති පැරණි ප‍්‍රාකාර අවශේෂ පාදක කර ගනිමින් කැනීම් ආරම්භ කළ අතර එය මෙහෙයවනු ලැබූයේ වයඔ පළාත් ප‍්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය මගිනි. 


     ඇතුගල පර්වතය මතින්ද අඛණ්ඩව දිව යන මෙම ප‍්‍රාකාරයෙන් සැලකිය යුතු දීර්ඝ කොටසක් මේ වන විටත් නිරුපද්‍රිතව දැකිය හැකිය. 


     
    ඇතුගල පර්වතය පාමුල දක්වාම මෙම කැනීම ව්‍යාප්ත කළ අතර එමගින් පැරණි ප‍්‍රාකාරයට අයත් තවත් කොටස් කිහිපයක් අනාවරණය විය. ඉන් මේ ප‍්‍රාකාරයේ හැඩය, එය සෑදීමේ දී භාවිත කළ අමුද්‍රව්‍යය, ඉදිකිරීමේ තාක්‍ෂණය ආදී වැදගත් තොරතුරු රැසක්  හෙළිකර ගත හැකි විය. මීට අමතර ව පැරණි මාලක බැමි කොටස් ද හමු විය. මේ කැනීම් ආරම්භ කරන ලද්දේ කුරුණෑගල පැරණි රාජධානියේ උරුමය හෙළිකර ගැනීමේ අරමුණිනි.  මේ වන විට කැනීමෙන් අනාවරණය වූ පූරාවිද්‍යා සාධක විධිමත් ව සංරක්ෂණය කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතී.   




    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya