පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ සංකල්පයක් අනුව මරණ දඬුවම නියම වී බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් සඳහා දළදා වැන්දවීමට කටයුතු සලස්වා ඇත. එහි සමාරම්භක අවස්ථාව අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (16) පෙරවරු 9.30ට දළදා මාලිගාවේදී සිදු කිරීමට නියමිතය. මේ සඳහා සිරකරුවන් 100 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගි කර ගැනීමට කටයුතු කෙරේ. NDH