අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල සාහිත්‍ය උත්සවය සැප්: 17

    සැප්තැම්බර් 13, 2014

    2014 කුරුණෑගල දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය ලබන 17 දින පෙරවරු 9.00ට කුරුණෑගල, නිශ්ශංක මහා විද්‍යාලයේදී පැවැත්වේ.


    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙය සංවිධානය කරයි. 

    2014 වසරේදී ප්‍රාදේශීය මට්ටමින් පවත්වන ලද සාහිත්‍ය තරගාවලියේ ප්‍රථම ස්ථානය ලැබූ ජයග්‍රාහකයන් අතරින් පවත්වන ලද දිස්ත්‍රික් තරගවලින් ජයහ්‍රහණය කරන ලද ජයග්‍රාහකයන් සඳහා මෙහිදී ත්‍යාග හා සහතාකපත් ප්‍රදානය කිරීමට නියමිතය.

    කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන මේ උත්සවය කුරුණෑගල දිස්ත්‍රික්කයේ කලාකරුවන්, ලේඛකයන්, සාහිත්‍යධරයන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා පාසල් දරුන් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

    ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පද්‍ය හා ජන ගායනා ශිල්පී දේශබන්ධු හා කාව්‍ය විශාරද චිත්‍රසිරි නවරත්න මහතා විසින් මෙහිදී සාහිත්‍ය දේශනයක් හා රසවින්දනාත්මක වැඩසටහනක් පවත්වනු ඇත.

    NDH/AK-dmu kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya