විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන්ට හා ගුරුභවතුන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී හා අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව මෙලොවින් සමුගත් දරු දැරියන්ට පිංපෙත් අනුමෝදන් කිරීම හා වියෝවූ ගුරුවරුන්ට පිං අනුමෝදන් කිරීම අරමුණු කර ගනිමින් මෙම පුණ්‍යක්‍රියාව සිදු කෙරේ.
මෙම වැඩසටහන පාසලේ ආදී සිසුන්, දෙමාපියන්, ගුරුවරුන් හා දරුදැරියන්ගේ සහයෝගය මත සිදුවන බව පිලපිටිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසයි.
ECB