අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "SIYB සඳහා පදනම" නව පුහුණු මොඩියුලය දොරට වැඩුම අද

    සැප්තැම්බර් 11, 2014

    නව ව්‍යාපාර ආරම්භ කිරීම, නිෂ්පාදනය , අලෙවිකරණය, තොග පාලනය, සැලසුම්කරණය ආදී ක්ෂේත්‍ර ආශ්‍රිතව දැනුම ලබා දෙමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත්කිරීම සහ ඔවුන්ගේ කළමනාකරණ හැකියාවන් දියුණුකිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත SIYB සඳහා පදනම (ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්න, එය වැඩි දියුණු කරන්න) නව පුහුණු මොඩියුලය හඳුන්වාදීම තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතගේ ප්‍රධානත්වයෙන් අද (11)  වැල්ලවත්ත (නව මුහුදු මාර්ගය) ග්ලෝබල් ටවර්ස් (Global Towers) හෝටලයේ දී සිදු කිරීමට නියමිතය.


    නිෂ්පාදනය හා වෙළෙඳපොළ ජයගැනීම පිළිබඳ ව ව්‍යවසායකයන් දිරිමත් කිරීම සහ  පුහුණු කිරීම තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟාසිටුවීමේ අරමුණ ඇති ව ලෝක කම්කරු සංවිධානයේ මගපෙන්වීම යටතේ සහ එහි අනුබද්ධ ආයතනයක් ලෙස SIYB ආයතනය 2001 වර්ෂයේදී මෙරට දී ආරම්භ කරන ලදී. 

    කුඩා හා කර්මාන්තකරුවන් නඟාසිටුවීම හා සම්බන්ධ මෙරට රාජ්‍ය ආයතන කිහිපයක් සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක එකතුවෙන් හවුල්කාර සංවිධානයක් ලෙස මෙම ආයතනය ක්‍රියාත්මක වේ. 

    ලොවපුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් 100කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වී SIYB ආයතනය කටයුතු කරයි. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya