අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා කොළඹ පොත් ප්‍රදර්ශනයේ ඇමති චම්පිකගේ පොත් අලෙවිසැලට පැමිණෙයි

    සැප්තැම්බර් 10, 2014

    16 වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(10) විවෘත කෙරිණ.

    එම අවස්ථාවට එක් වූ ජනාධිපතිතුමා සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන අලෙවිසැල් නැරැඹීමෙන් අනතුරුව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය චම්පික රණවක මහතාගේ අලෙවිසැලට වෙත පැමිණියේය. එහි දී අමාත්‍යවරයා විසින් රචිත බලය සහ බලය කෘතිය ඇතුළු පොත් කිහිපයක් සමරු අත්සන ද සහිතව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. එම අවස්ථාවේ දී බලය සහ බලය පොතෙහි අන්තර්ගතය පිළිබඳව ජනාධිපතිතුමාට හඳුන්වා දීමට ද ඇමැති චම්පික රණවක මහතා කටයුතු කළේය.

     

    පාඨලී චම්පික රණවක මහතාගේ 25 වසරක පන්හිඳ සටහන් මෙවර පොත් ප්‍රදර්ශනයේ L ශාලාවේ 326 වැනි කුටියෙන් ලබා ගැනීමේ අවස්ථාව පාඨකයින්ට උදා කර ඇත.

     

    චම්පික රණවක මහතා 1989 දී ලියා පළ කළ අපේ මඟ පළමු කෘතියේ සිට 2014 මේ දක්වා සිංහල පොත් 13ක් සහ ඉංග්‍රීසි පොත් 06ක් ප්‍රකාශයට පත් කර ඇත. දේශපාලනය, සංවර්ධනය, ත්‍රස්තවාදය, සිංහල උරුමය හා අභියෝග, මුස්ලිම් අන්තවාදය, පරිසරය මෙන්ම බලශක්ති ක්ෂේත්‍රය මුල්කර ගනිමින්, සිය ප්‍රකාශන එළි දැක්වීමට චම්පික රණවක මහතා කටයුතු කර ඇත. එම පොත් වන්නේ අපේ මග(1989), සංවර්ධනයේ තුන්වැනියාමය(1991), සාපේක්ෂා(1997), ත්‍රස්ත්‍ර විරෝධී ජාතික සැලැස්ම(1999), කොටි විනිවිදීම(1999), උතුරු නැගනහිර සිංහල උරුමය(1999), සිහල අභියෝගය(2001), අල්ජිහාද් අල්කයිදා(2003), හරිත අරුණ(2009), පටිසෝතගාමීව තිස්වසක්(2009), හෙට මුළු රට එළියයි(2011), එහි පස්සිකෝ(2011) සහ නවතම කෘතිය වන බලය සහ බලය(2014) අදවන විට සිංහල කෘති වශයෙන් ලබා ගත හැකිය. එතුමන් රචිත ඉංග්‍රීසි කෘති ලෙස Beyond the Metaphysics of Common Sense(1998), Strip of Tigers(2000), Dawn of New Green Era(2008), Charge of the Lion Brigade(2009), Illuminating the Future (2011) සහ Power and Power (2014)

     

    දේශපාලකයෙක්, විදුලි ඉංජිනේරුවෙක්, පරිසරවේදියෙක්, බාහිර කථීකාචාර්යවරයෙක්, කථීකයෙක්, විචාරකයෙක් සහ ලේඛකයෙක් ලෙස, තමන් ලද අත්දැකීම් සහ විවිධ ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යයනය කොට ලබාගත් දැනුම් සම්භාරය කැටිකර ගනිමින් 25 වසරක් සිය පන්හිඳෙන් සටහන් තබා ඇත. එම සියලු කෘති එකම ස්ථානයකින් ලබා ගැනීමට පාඨක ඔබට අවස්ථාව සළසා ඇත.

     

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරැඹීමට එන සැමට එම කුටියට පැමිණෙන ලෙස ඇමැති චම්පික රණවක විශේෂ ආරාධනයක් කර සිටී. පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන සැප්තැම්බර් 10 සිට 16වන දින දක්වා සෑම සතියේ දිනකම පෙරවරු 10.00 සිට 12.00 දක්වාත් සවස 05.00 සිට 06.00 දක්වාත් ඇමැති චම්පික රණවක සිය පොත් කුටියේ රැඳී සිටිමින් සමරු අත්සන ලබා දීමටත් පාඨක ඔබ සමඟ සාකච්ඡා කිරීමටත් නියමිතය.

     

    පොත් ප්‍රදර්ශනයට සමගාමීව සැප්තැම්බර් 13 සහ 14 සති අන්තයේ දෙදින පස්වරු 04.00 සිට 06.00 දක්වා BMICH පිටවීමේ දොරටුව ඉදිරිපස සරණ පාරේ නාරද මන්දිරයට අසල මූලික අධ්‍යයන ආයතන (IFS) ශ්‍රවණාගාරයේ අමාත්‍ය චම්පික රණවක මහතා විශේෂ දේශන දෙකක් පැවැත්වීමට ද නියමිතය.

    MAP

    BF Patali01

    BF Patali02

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya