අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "හිමාලය පාමුල" ග්‍රන්ථය දොරට වඩී

    සැප්තැම්බර් 10, 2014
    කැලුම් කුමාර මොහොට්ටිගේ මහතා විසින් රචිත "හිමාලය පාමුල" ග්‍රන්ථය දොරට වැඩුම ප්‍රවීණ මාධ්‍යවේදීන් වන සුනිල් මාධව ප්‍රේමතිලක, විනී හෙට්ටිගොඩ යන මහත්වරුන්ගේ සහ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සිදු විය.
     
    මෙම උත්සවය කොළම 07, විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. 
     
    "හිමාලය පාමුල" නේපාලයේ සිදු කළ අවිධිමත් චාරිකාවක සටහන් තුළින් රචනා කරන ලද්දක් බව එහි ලේඛක කැළුම් කුමාර මහතා පවසයි. ඒ මහතා කලක් හිරු, ලක්දිව, සිතිජය පුවත්පත්වල හා සිරස රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු වශයෙන් ද සේවය කර ඇත. 
     
    විමල් වීරවංශ අමාත්‍යවරයා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා මෙහිදී විශේෂ දේශනයන් පැවැත්වූහ. 
     
    මෙම අවස්ථාවට මාධ්‍යවේදිහු, කලාකරුවෝ සහ ලේඛකයෝ විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya