අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය රණවක විසින් රචිත කෘති මිලදී ගැනීමට අවස්ථාවක්

    සැප්තැම්බර් 08, 2014

    වසර විසිපහක කාලය තුළ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රචනා කොට ප‍්‍රකාශයට පත් කරන ලද සිංහල හා ඉංග‍්‍රීසි කෘති පළමුව වරට කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිලෙන් මිලදී ගැනීමට පාඨකයන්ට අවස්ථාව හිමිවේ.


     
    දහසය වන වරට සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිලෙහි එල් ශාලාවේ අමාත්‍යවරයාගේ කෘති වෙනුවෙන් වෙනම ම කුටියක් මේ මස 10 වන දා සිට 17 වනදා දක්වා පවත්වා ගෙනයනු ලැබේ. පොත් සල්පිල පැවැත්වෙන සෑම සතියේ දිනකම පෙරවරු 10.00 සිට 12.00 දක්වා ත් සවස 5.00 සිට 6.00 අතර කාලයේ ත් අමාත්‍ය චම්පික රණවක මහතා එම ස්ථානයේ රැඳී සිටිමින් සමරු අත්සන ලබාදීමටත් පාඨකයන් සමඟ සාකච්ඡා කිරීමටත් අපේක්ෂිතය.


    මෙයට සමගාමී ව මේ මස 12 සහ 14 සති අන්තයේ දෙදින පස්වරු 4.00 සිට 6.00 දක්වා අවස්ථා දෙකකදී අමාත්‍ය චම්පික රණවක මහතාගේ විශේෂ දේශන දෙකක් සරණ පාරේ BMICH පිටවීමේ දොරටුව ඉදිරිපස පාරේ පිහිටා ඇති මූලික අධ්‍යයන ආයතන (IFS) ශ‍්‍රවණාගාරයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ශිෂ්‍ය අවධියෙන් ආරම්භ කළ ලේඛන කලාව සිය විශ්වවිද්‍යාල දිවියේදී රජය, විවිධ වෘත්තිය පාර්ශවයන් හා පොදු පාඨකයාව විවිධ ක්ෂේත‍්‍ර සහ විෂයන් පිළිබඳව දැනුවත් කිරීමට භාවිත කළේය.


     1989 දී සිය පළමු කෘතිය එළිදැක් වු චම්පික රණවකයන් අද වන විට විවිධ ක්ෂේත‍්‍ර මුල් කර ගනිමින් සිංහල කෘති 13ක් සහ ඉංගී‍්‍රසි කෘති 6ක් ප‍්‍රකාශයට පත් කර ඇත. දේශපාලනය, සංවර්ධනය, ත‍්‍රස්ත‍්‍රවාදය, සිංහල උරුමය හා අභියෝග, මුස්ලිම් අන්තවාදය, පරිසරය සහ බලශක්ති ක්ෂේත‍්‍රය මුල් කර ගනිමින් චම්පික රණවක සිය ප‍්‍රකාශන එළිදක්වා ඇත. 

     

    දේශපාලකයෙක්, විදුලි ඉංජිනේරුවරයෙක්, පරිසරවේදියෙක්, කථිකයෙක්, විචාරකයෙක්, ලේඛකයෙක් මෙන්ම විවිධ ක්ෂේත‍්‍රයන් ඔස්සේ දැනුම ගවේෂණය කරන්නෙකු වශයෙන් තමන් ලද අත්දැකීම් සහ ඒ ඒ ක්ෂේත‍්‍ර පිළිබඳව රටේ හා ලෝකයේ පවතින තත්ත්වයන් ඉතාමත් සියුම්ව විශ්ලේෂණය කොට සරල භාෂා ශෛලියකින් පාඨකයා වෙත සම්පේ‍්‍රෂණය කිරීමට පාඨලී චම්පික රණවකයන් සමත් වී ඇත.
     
    චම්පික රණවක මහතා 1989 දී ප‍්‍රකාශයට පත් කළ අපේ මග, සංවර්ධනයේ තුන් වැනි යාමය (1991), සාපේක්ෂා (1997), ත‍්‍රස්ත‍ විරෝධී ජාතික සැලැස්ම (1999), කොටි විනිවිදීම (1999), උතුරු නැගනහිර සිංහල උරුමය (1999), සිහල අභියෝගය (2001), අල්ජිහාද් අල්කයිදා (2003), හරිත අරුණ (2009), පටිසෝතගාමීව තිස්වසක් (2009), හෙට මුළු රට එළියයි (2011), එහි පස්සිකෝ (2011) සහ නවතම කෘතිය වන බලය සහ බලය (2014) සිංහල කෘති වශයෙන් ලබා ගත හැකිය.


    ඒ මහතා විසින් රචිත ඉංග‍්‍රීසි කෘති ලෙස Beyond the Metaphysics of Common Sense (1998), Strip of Tigers(2000), Dawn of New Green Era (2008), Charge of the Lion Brigade (2009), Illuminating the Future (2011) ​සහ Power and Power (2014) හඳුන්වා දිය හැකිය. 


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya