මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණිය විශ්විද්‍යාලීය ආදී විද්‍යාර්ථීන් ඇගයීමේ ප‍්‍රසාද සම්මාන උළෙලක්

    සැප්තැම්බර් 08, 2014

    කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබ ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් දැනුම ලබා දෙමින් සිදු කරන සමාජ මෙහෙවර අගයනු වස් ප‍්‍රශස්ත රාජ්‍ය සේවාවන්හි නියුක්ත කැලණිය විශ්විද්‍යාලීය ආදී විද්‍යාර්ථීන් අගයමින් ප‍්‍රසාද සම්මාන උළෙලක් මෙම මස 13 වන දින පෙ.ව. 9.00ට එම විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වේ.


    මෙහිදී ප‍්‍රශස්ත රාජ්‍ය සේවයෙහි නිරත වෙමින් කැලණිය විශ්වවිද්‍යාලයට කීර්තියක් අත් කර දෙන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 75 දෙනෙකු ඇගයීමට ලක් කෙරේ. මේ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ප‍්‍රථම උපාධිය ලබා රාජ්‍ය සේවයේ දෙපාර්තමේන්තු ප‍්‍රධාන තනතුරු හෝ ඊට ඉහළ තනතුරු හොබවන උපහාරලාභීන් 75 දෙනෙකු තෝරා ගෙන ඇත.


    මේ අතර කුලපති ස්වාමීන් වහන්සේලා තුන් නමක්, උප කුලපති ස්වාමීන් වහන්සේ නමක්, ජනාධිපති මාණ්ඩලික ප‍්‍රධානී, තානාපතිවරු දෙදෙනෙක්, කැබිනට් ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරු 11ක්, පළාත් ප‍්‍රධාන ලේකම්වරු දෙදෙනෙක්, දෙපාර්තමේන්තු හා ආයතන ප‍්‍රධානීන් 16ක්, අතිරේක විගණකාධිපති, ලේඛකාධිකාරී සහ කළමනාකාර අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් උපහාර ලැබීමට නියමිතයි. 



    එහිදී රුහුණු විශ්විද්‍යාලයේ උ පකුලපති පූජ්‍ය මහාචාර්ය රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමන ජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ‍්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උප කුලපති පූජ්‍ය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ යන අයද සම්භාවනාවට පාත‍්‍ර වෙති.


    ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මාන උළෙලට කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ සහ එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම යන මහත්ම මහත්මීහු සහභාගී වීමට නියමිතය.

    ECB/DM_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya