මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූර්ණාබාධිත තත්ත්වයට පත් රණ විරුවන්ගේ මානසික සුවයට වැඩසටහන්

    සැප්තැම්බර් 05, 2014

    දේශය වෙනුවෙන් අභීතව සටන් වැද පූර්ණාබාධිත තත්ත්වයට පත් ව මිහිඳු සෙත් මැඳුරෙහි සහ රාගම රණ විරු සෙවණෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන විරුවන් 120 දෙනෙකුගේ මානසික සුවය උදෙසා  ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් ප්‍රවීණ නාට්‍ය රචක විජය නන්දසිරිගේ “මල්වඩම් අනවශ්‍යයි” වේදිකා නාට්‍ය පසුගිය බදාදා දින පස්වරුවේ ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේ දී රඟදක්වන ලදී.  


    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී දමයන්ති රත්නායක මහත්මියගේ ආරාධනයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක සහ ආරාධිතයන් විශාල පිරිසක් සහභාගී වූහ.  

    මෙම නාට්‍ය නැරඹීම සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාධිපති, විධායක ජෙනරාල්, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපතිවරුන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද එක්වූහ.  

    මෙම නාට්‍ය ප්‍රදර්ශනය අවසානයේ රණ විරු රියල් ස්ටාර් - අදියර iv සඳහා සහභාගි වූ ආබාධිත විරුවන් සඳහා මුදල් ත්‍යාග ද ප්‍රදානය කෙරිණි. 

    එහිදී මේජර් එස්.කේ.ටී.ඩබ්. චන්ද්‍රකුමාර (4 වන ගැමුණු හේවා බලකාය), සැරයන් පී.ජී.ආර්. සංජීව ගමගේ  (12 වන විජයබාහු පාබල රෙජිමේන්තුව), සැරයන් ජී.අයි. සුභාෂණ (විශේෂ බලකාය), ලාන්ස් කෝප්‍රල් ඩබ්.එල්.එම්.එස්.කේ. ලෙපොත්දෙණිය (ගැමුණු හේවා බලකාය) සහ ලාන්ස් කෝප්‍රල් ඩී.එම්.ඩී. චන්ද්‍රසිරි (12 වන විජයබාහු පාබල රෙජිමේන්තුව) යන රණ විරුවන් මෙලෙස එම ත්‍යාගවලට හිමිකම් කීහ.

    ජනප්‍රිය කලාකරුවන් රැසක් ද මෙම වේදිකා නාට්‍යය නැරඹීම සඳහා එක් ව සිටියහ.

    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya