මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම්භාවනීය සංගීත ප්‍රසංගයක් අද ලන්දේසි රෝහල් පරිශ්‍රයේදී

    සැප්තැම්බර් 05, 2014

    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලට සමගාමීව “සම්භාවනීය සංගීතය හා චිත්‍රපට“ (Classical Music and Film) මැයෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ, කොටුව, ලන්දේසි රෝහල් පරිශ්‍රයේදී අද (05) සවස 07.00ට පැවැත්වේ.

     

    ලක්ෂමන් ජෝශප්  ද සේරම් මහතාගේ අධ්‍යක්ෂණයෙන් කොළඹ චේම්බර් සංගීත සමාජය (Chamber Music Society of Colombo) මෙම සංගීත ප්‍රසංගය මෙහෙයවනු ලැබේ.

     

    එක් එක් යුගවලදී ප්‍රසිද්ධියට පත් බොහෝ චිත්‍රපට සඳහා සංගීතය සැපයූ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සංගීතඥ ප්‍රේමසිරි කේමදාස මහතාගේ සම්භාව්‍ය සංගීතයට මුසු වූ රසාලිප්ත ගීත හා ලෝ පතළ සිනමා සංගීතඥයන් වන Mozart, J.S. Bach, Vivaldi සහ Satie වැනි දැවැන්තයන් ගේ සංගීතයෙන් වර්ණවත් වූ ගීත මෙම ප්‍රසංගයේදී සජීවීව ඉදිරිපත් කිරීමට නියමිතය.

     

    Fairway Holdings සහ CMSC මෙම ප්‍රසංගය සඳහා අනුග්‍රහය සපයති.

     

    SDF

    film festival 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya