අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාහිත්‍ය කලා ප්‍රසාදිනී අද සිට මහනුවරදී

    සැප්තැම්බර් 06, 2014

    සාහිත්‍ය කලා ප්‍රසාදිනී ජාතික මහෝත්සවය අද (06) සිට 11 දින දක්වා මහනුවර ගැටඹේ මහනාම විද්‍යාලයේදී පැවැත්වේ.

    පසුගිය වර්ෂවල කොළඹ කේන්ද්‍ර කරගෙන වාර්ෂික ව පැවති මෙම සාහිත්‍ය කලා ප්‍රසාදීනි උත්සවය මෙවර මහනුවර නගරය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට කටයුතු  යොදා තිබේ. මෙම සාහිත්‍ය කලා ප්‍රසාදීනී උත්සවයට සමගාමී ව පොත් ප්‍රදර්ශන හා වෙළෙඳ කුටි 100කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.
     
    මෙම කාලය තුළ දිනපතා ශාන්ති කර්ම, චිත්‍රපට ප්‍රදර්ශන, බැති ගී, ටවර් හෝල් ශිල්පීන්ගේ නූර්ති ගී වැඩසටහන්, සංගීත ප්‍රසංග, වාද බයිලා, නර්තන ප්‍රසංග ආදිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

    සාහිත්‍ය ප්‍රසාදීනී උත්සවයේදී කලාකරුවන් ඇගයීමට ලක්කිරීමට නියමිත අතර උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සංකල්පයකට අනුව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දක්ෂතා දැක් වූ මහනුවර දිස්ත්‍රික්කයේ කලාකරුවන් 100 දෙනෙකු සඳහා සම්මාන ප්‍රදානය කිරීමටද කටයුතු යොදා තිබේ. උත්සවයේ සමාප්තිය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වීමට නියමිත බව ද මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.

    සාහිත්‍ය කලා ප්‍රසාදිනි උත්සවය සම්බන්ධයෙන් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය විය. මෙම අවස්ථාවට  උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේ‍කෝන්, මහනුවර දිස්ත්‍රික් ලේකම්  එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්ද මෙම අවස්ථාවට 
    සහභාගී වූහ.


    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya