අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහියංගන රජමහා විහාර රන්දෝලි පෙරහර අදත්

    සැප්තැම්බර් 06, 2014

    මහියංගන ඓතිහාසික සුමන සමන් දේවාලය හා රජමහා විහාරය ඒකාබද්ධව පැවැත්වෙන වාර්ෂික පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහර අදත් (06) හෙටත් (07) පැවැත්වේ.


    අවසන් රන්දෝලි පෙරහර හෙවත් මහියංගන මහ පෙරහර වීදි සංචාරය කරන්නේ අනිද්දා (08) එනම් බිනර පසළොස්වක පෝ දින රාත්‍රියේදී ය. 

     

    පසුදින දිය කැපීමේ මංගල්‍යයෙන් පසු දහවල් පෙරහර පැවැත්වීමෙන් පසු පෙරහර මංගල්‍යය අවසන් වේ.

    ඈත අතීතයේ සිට පවත්වා ගෙන එන මේ පෙරහර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙනු ඇත. මේ පෙරහරේ සුවිශේෂී අංග කිහිපයක් වේ. ඓතිහාසික වැදි පෙරහර හා දොඩම් පෙරහර, සමන් දෙවිඳුන්ගේ සහෝදරියක් ලෙස පූජෝපහාර ලබන මහලොකු අම්මා දේව මෑණියන්ගේ දේවාභරණ ප්‍රදර්ශනය හා පෙරහර අවසානයේ සමන් දෙවිඳුන් උදෙසා ආදිවාසීන් විසින් පොරොවක් පූජා කරනු ලැබීම ද සිදු වේ. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya