අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිනර පුන් පොහොය අදයි

    සැප්තැම්බර් 08, 2014
    බිනර පුර පසළොස්වක පෝය අදට (08) යෙදී ඇත. මෙහෙණි සස්නේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදු විය. ඒ නිසා බිනර පොහොය ද සැදැහැවත් බෞද්ධයාට අතිශයින් වැදගත් වේ.


    අනඳ හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත වන්නේ බිනර පොහෝ දිනයි. පැවිද්ද අවශ්‍ය නම් අෂ්ඨ ගරු ධර්ම පිළිගත යුතු බව එහිදී බුදුරදුන් ප්‍රකාශ කළ අතර එය පිළිගෙන එවලෙහිම පැවිද්ද හා උපසම්පදාව ලැබීමට මහා ප්‍රජාපතී ගෝතමියට හැකි විය.

     

    අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් හට ධර්මය දේශනා කොට බුද්ධත්වයෙන් පසු ලැබූ පළමු වස්සාන සමය බරණැස් නුවර ඉසිපතනාරාමයේ වැඩ වාසය කළේය. මහා සංඝ රත්නයේ බිහිවීමත්, ධර්ම ප්‍රචාරයේ ආරම්භයත් මේ කාලය තුළ දී  සිදුවී තිබේ.

     

    සියලු ශ්‍රී ලාංකිකයන් හට බිනර පොහොය දිනය වැදගත් වන්නේ, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමේ කටයුතු හා බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමේ කටයුතු ද හා එහි වාර්ෂික පින්කම් පවත්වන්නේ මෙම උතුම් පොහෝ දිනයේදී වීමයි.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya