මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2014

    සැප්තැම්බර් 04, 2014
    රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය - 2014 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
     
    මෙහිදී සාහිත්‍යය වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කළ විශිෂ්ටයන් තිදෙනකු ශ්‍රී ලංකා සාහිත්‍ය රත්න සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඇමෙරිකාවේ හවායි විශ්වවිද්‍යාලයීය ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්ය විමල් දිසානායක, තෙලිවත්තේ ජෝෂප් සහ කාල් මලර් මහත්වරු මෙසේ එම සම්මානයෙන් පිදුම් ලැබූහ.
     
    ඊට අමතර ව වසරේ හොඳ ම සිංහල ස්වතන්ත්‍ර නවකතාව ලෙස නෝබට් අයගමගේ මහතා විසින් රචිත "කාල නදී ගලා බසී" ග්‍රන්ථය ද, වසරේ හොඳ ම දෙමළ ස්වතන්ත්‍ර නවකතාව ලෙස කේ. නඩේසු විසින් රචිත "කුදිමයිකල්" සහ වසරේ හොඳ ම ඉංග්‍රීසි ස්වතන්ත්‍ර නව කතාව ලෙස එම්.ටී.අයි. ඊබල් විසින් රචිත "Thus, She Grew" ග්‍රන්ථය ද සම්මානයට පාත්‍ර විය. 
     
    හොඳ ම කෙටි කතා සංග්‍රහය ලෙස ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් රචිත "කියනු මැන දිවි අරුත", හොඳ ම කාව්‍ය සංග්‍රහය වශයෙන් සෞම්‍ය සඳරුවන් ලියනගේ ගේ "හැටේ වත්තේ මග්දලේනා", හොඳ ම ගීත සාහිත්‍ය කෘතිය ලෙස අමරසේන කංකානම්ගේ ගේ "ඉස්සර විදියට" සමඟ "කොපර කොපර පිපිඤ්ඤා" සම්මාන හිමිකර ගත්හ.
     
    හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය වශයෙන් ගුණසේකර ගුණසෝම ගේ "සටනක් මැද සටනක්" ග්‍රන්ථය සම්මාන හිමිකර ගත්තේය.
     
    සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම 2013 වර්ෂයේ දී පළ වූ නවකතා, කෙටිකතා, ස්වතන්ත්‍ර පද්‍ය, ස්වතන්ත්‍ර ගීත, ස්වතන්ත්‍ර නාට්‍ය, යෞවන සාහිත්‍ය, ළමා සාහිත්‍ය, විද්‍යා සාහිත්‍ය, ශාස්ත්‍රීය හා පර්යේෂණ, නවකතා පරිවර්තන, කෙටිකතා පරිවර්තන, පද්‍ය පරිවර්තන, නාට්‍ය පරිවර්තන, ශාස්ත්‍රීය හා පර්යේෂණ පරිවර්තන හා විවිධ විෂය යන ක්ෂේත්‍ර 15ට අයත් විශිෂ්ටතම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි සාහිත්‍ය කෘති සඳහා ලේඛක ලේඛිකාවෝ මෙහිදී සම්මාන ලබා ගත්හ.
     
    ප්‍රවීණ සාහිත්‍යවේදීන්ගේ ලිපි ඇතුළත් “සාහිත්‍යය - විශේෂ කලාපය” එළිදැක්වීම ද මෙහිදී සිදුවිණි.
     
    ප්‍රථම වටයේ ග්‍රන්ථ සමීක්ෂණය බාහිර මණ්ඩලයක් විසින් ද දෙවන වටයේ සමීක්ෂණය සාහිත්‍ය අනුමණ්ඩලය විසින් ද තෙවන වටයේ සමීක්ෂණය උත්තරීතර විද්වත් මණ්ඩලයක් විසින් ද සිදුකරයි. තෙවන වටයේ සමීක්ෂණයෙන් සුදුසුකම් ලබන සාහිත්‍ය කෘති සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමීම සිදුකෙරේ. 
     
    රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, එක්ව සංවිධානය කරනු ලැබීය. 
     
    සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී.බී ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම්. අස්වර්, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකානායක, රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන්ත හේරත්, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
    DSC 9768
     
     
    DSC 9853

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya