කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් මුස්ලිම් තරුණයන් පනස් දෙනෙකුට සෞදි දේශයේ "උම්රා" වන්දනා මාන කටයුතු කරගැනීමට තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා විසින් අවස්ථාව සලසා දෙනු ලැබීය. සිංහල හා මුස්ලිම් ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරීමත් සියලු ආගම් සඳහා සමාන අවස්ථා නිර්මාණය වු සමාජයක් ගොඩනැගීමත් දේශපාලනඥයන්ගේ වගකීමක් බව ද මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය. DB