අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අද

    සැප්තැම්බර් 03, 2014
    2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අද (03) දා පස්වරු 2.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් ම ලේඛන කාර්යයේ නියුක්තව 2013 වර්ෂයේ ශ්‍රී ලාකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය නිර්මාණ දායකත්වයෙන් පෝෂණය කළ ලේඛක ලේඛිකාවන්ට මෙහිදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය කෙරේ. 
     
    නවකතා, කෙටිකතා, ස්වතන්ත්‍ර පද්‍ය, ස්වතන්ත්‍ර ගීත, ස්වතන්ත්‍ර නාට්‍ය, යොවුන් සාහිත්‍ය, ළමා සාහිත්‍ය, විද්‍යා සාහිත්‍ය, ශාස්ත්‍රීය හා පර්යේෂණ, නවකතා පරිවර්තන, කෙටිකතා පරිවර්තන, පද්‍ය පරිවර්තන, නාට්‍ය පරිවර්තන, ශාස්ත්‍රීය හා පර්යේෂණ, පරිවර්තන හා විවිධ විෂය යන ක්ෂේත්‍ර 15කට අයත් විශිෂ්ටතම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි සාහිත්‍ය කෘති සඳහා අදාළ ලේඛක ලේඛිකාවෝ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබති.
     
    ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි අභිවර්ධනයට මහාර්ඝ සේවාවක් ඉටු කළ ජ්‍යේෂ්ඨ සාහිත්‍යවේදීහු තිදෙනෙක් ජීවිතයේ එක්වරක් පමණක් පිදුම් ලබන 'සාහිත්‍ය රත්න" සම්මානයෙන් පිදුම් ලබති.
     
    එමෙන් ම ශ්‍රී ලංකාවේ විශිෂ්ට ගණයේ විද්වතුන්, විශ්වවිද්‍යාල ආචාර්ය භවතුන් හා ප්‍රවීණ සාහිත්‍යවේදීන්ගේ ශාස්ත්‍රීය ලේඛන හැටකට අධික සංඛ්‍යාවකින් යුතු ව සම්පාදිත "සාහිත්‍ය - විශේෂ කලාපය" ශාස්ත්‍රීය සංග්‍රහය ද රාජය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ දී නිකුත් කෙරේ.
     
    රවිබන්දු විද්‍යාපති, චන්න විජේවර්ධන, කුලසිරි බුදවත්ත, වාසුකී ජෙගදීශ්වරන් යන ප්‍රවීණ කලා ශිල්පී ශිල්පිනීන්ගේ නර්තනාංගවලින් මෙම සම්භාවනීය රාජ්‍ය උත්සවය විචිත්‍රවත් කෙරේ.
     
    රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබයි. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya