මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක ව්‍යාපාරය නැංවීමට ගෙන යන ක්‍රියාමාර්ග පැසසිය යුතුයි

    සැප්තැම්බර් 02, 2014
    ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා ගෙන යන 
    ක්‍රියාමාර්ග පැසසිය යුතු බවත් 2016 වන විට මෙරට සංචාරක හෝටල්වල කාමර සංඛ්‍යාව 50,000ක් දක්වා වැඩි කිරීම ඒ මහතාගේ ඉලක්කය වී තිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
     
    අඩු ආදායම්ලාභී පවුල්වල ස්වයං රැකියා මාර්ග වැඩිදියුණුව වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන "දිවි නැගුම සහන අරුණ" විශේෂ ණය යෝජනා ක්‍රමය මන්නාරමේ දී ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මන්නාරම දිවි නැගුම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පරිශ්‍රයේදී මෙම රැස්වීම පැවැත්විණි. 
     
    හෝටල් කාමර සංඛ්‍යාව වැඩිකිරීම තුළින් සංචාරකයන් මිලියන 2.5ක් මෙරටට ගෙන්වා ගැනීමටත්, ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක් ඉපැයීමටත් අපේක්ෂා කරනවා. මෙමගින් රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ 5කට රැකියා අවස්ථා ලබාදිය හැකියි. මේවායේ වරප්‍රසාද මන්නාරමේ ජනතාවටත් ඉදිරියේදී ලැබේවි.
     
    බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත අඩු ආදායම්ලාභී පවුල්වල දිරිය මිනිසුන් නඟාසිටුවීම සඳහා ආරම්භ කෙරෙන මෙම දිවි නැගුම සහන අරුණ විශේෂ ණය වැඩසටහන මෑත ඉතිහාසයේ දිවයිනේ ක්‍රියාත්මක වූ අති විශාලතම මූල්‍ය ණය ව්‍යාපෘතියයි. ජනතා හැඟීම් නිවැරදි ලෙස තේරුම් නොගත්තෙකු කිසිවිට මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. මෙම වැඩසටහන තුළින් මන්නාරම් ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට තෝරාගැනීම පිළිබඳවත් එතුමාට මාගේ ප්‍රණාමය පුදකරන්න කැමතියි. අද මුල් අවස්ථාවේදී මන්නාරම ප්‍රදේශයේ පවුල් 25ක් වෙත මෙම මූල්‍ය ප්‍රදානය සිදුකරනවා."
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුබද්ධිත, දිවි නැගුම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු 1,073ක් මගින් දිවයින පුරා ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින්, අඩු ආදායම් ලබන පවුල්වල සාමාජිකයන්ට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහාත්, ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහාත් රු. 5,000 සිට රු. 50,000 ක් දක්වා සහන පොලී මත ණය ලබාදීම සිදු කෙරේ.
     
    මෙම උත්සවය සඳහා, ප්‍රතිලාභීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව හා එම බැංකු නිලධාරින් ද, රාජ්‍ය සේවා හා පළාත් පාලන ආයතන ප්‍රධානීහු ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya