විශිෂ්ඨ නිර්මාණ දායකත්වයෙන් ශ්‍රී ලාංකේය රූපවාහිනී ක්ෂේත්රය පෝෂණය කළ මාධ්‍යවේදීන්, කලාකරුවන් අගැයීමේ අරමුණින් පවත්වනු ලබන රූපවාහිනි කලා රාජ්‍ය සම්මාන ප්රදානෝත්සවය 2020 ජාතික උරුම ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා කමල් අද්දරආරච්චි ප්‍රවීන රංගවේදියාණන්ගේ සහභාගීත්වයෙන් 29 දින ප.ව.03.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය රූපවාහිනී උපදේශක සභාව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව මෙම උළෙල සංවිධානය කර ඇත.
මෙහිදී ක්ෂේත්‍ර 23 ක් යටතේ ජයග්‍රාහකයන් 74 ක් සදහා සම්මාන, කුසලතා සහතික හා මුල්‍ය ත්‍යාගද යාවජීව සම්මාන 2 ක් ද පිරිනැමීණි.