මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    42 වන ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙල, 09 වන යෞවන චිත්‍රපට උළෙල සහ සම්මාන ප්‍රදානය

    නොවැම්බර් 29, 2021

    තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධාන කළ 42 වන ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙල, 09 වන යෞවන චිත්‍රපට උළෙල සහ සම්මාන ප්‍රදානය, තුරුණු ශක්ති Next Gen රියැලිටි වැඩසටහන යන උත්සව ත්‍රිත්වය තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

     

    42 වන යෞවන සම්මාන උළෙල සදහා තරඟ අංශ 45 ක් යටතේ සම්මාන 130ක් පිරිනැමූ අතර දිවයින පුරා විසිරී සිටින නව නිර්මාණකරුවන් කුසලතා පූර්ණ තරුණ තරුණියන් සම්මානිතයන් ලෙස අභිෂේක ගැන්විණි.
    2020 වසරේ සිංහල මාධ්‍ය කෙටි නාට්‍ය අංශයේ හොඳම රංගන ශිල්පියා හා රංගන ශිල්පිනිය ලෙස ඩී. ඒ. තරිඳු මධුසංක හා ප්‍රාර්ථනා සමාධී සම්මාන දිනා ගත්හ.


    දිගු නාට්‍ය අංශයේ හොදම රංගනය වෙනුවෙන් ඉෂාන් කුලතිලක හා ආශා හංසනී සම්මානයට පාත්‍ර විය.


    දමිළ මාධ්‍ය කෙටි නාට්‍ය අංශයෙන් හොඳම රංගන ශිලපීන් ලෙස එස්. සිවරාජා හා ෆාතිමා ශාමියා සෞජන් ඇතුළු රංගන ශිල්පීන් සම්මාන දිනාගත්හ.
    එමෙන්ම 09 වන යෞවන චිත්‍රපට උළෙල නියෝජනය කරමින් කෙටි හා වාර්තා චිත්‍රපට යන කාණ්ඩ දෙක නියෝජනය කළ සමස්ත චිත්‍රපට 162 අතුරින් හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මානය දිනා ගන්නා ලද්දේ ‘මගේ තාත්තා බල්ලෙක්’ චිත්‍රපටය වන අතර, හොදම වාර්තා චිත්‍රපටය ලෙස ‘දවසක්’ චිත්‍රපටය සම්මානයෙන් පිදුම් ලැබීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya