මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ දී කුසලතා ප්‍රවර්ධන වැඩමුළු මාලාවක්

    සැප්තැම්බර් 01, 2014

    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී පළමු කුසලතා ප්‍රවර්ධන වැඩමුළු මාලාවක් පැවැත්වීමට නියමිතය.

    ජාත්‍යන්තර සිනමාවේ විශිෂ්ටයන් සමග කටයුතු කරමින් ඔවුන්ගෙන් උගෙනීමට ලැබීම නැගී එන සිනමාකරුවන්ට, සිනමාලෝලීන්ට සහ ශිෂ්‍යයන්ට මහඟු අවස්ථාවකි. මෙම කුසලතා ප්‍රවර්ධන වැඩමුළු මාලාව තුළින් ශ්‍රී ලාංකිකයන්ට ජාත්‍යන්තර සිනමාව වෙත ප්‍රවේශ වීමට නව මං පෙත් විවර කිරීම මෙහි අරමුණයි.


    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල 2014 දී කුසලතා ප්‍රවර්ධන වැඩමුළු 03ක් පවත්වන අතර, එම සෑම වැඩමුළුවක් ම ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ඇත.

    2014 සැප්තැම්බර් මස 03 වන දින පැවැත්වෙන මෙහි පළමු කුසලතා ප්‍රවර්ධන වැඩමුළුව සම්මානලාභී ඉන්දීය සිනමා අධ්‍යක්ෂ සහ සිනමාවේදී රාජීව් රවී (Rajeev Ravi) විසින් මෙහෙයවනු ලැබේ.


     "කැමරාව සමග නීති බිඳ දැමීම" මාතෘකාව යටතේ එදින වැඩසටහන සිදු කරන අතර එය සිනමා ශිල්පය හදාරන ශිෂ්‍යයන්ටත්, නව පරපුරේ කැමරා ශිල්පීන්ටත් ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

     

    ඔහුගේ අධ්‍යක්ෂණයක් වන "Annayoun Rasoolum" චිත්‍රපටය ද රාජීව් රවීගේ කැමරාකරණයට හොඳම කැමරාකරණය සඳහා ඉන්දියානු ජාතික සම්මානය හිමි කරගත් "Liar’s Dice" චිත්‍රපටය ද මෙවර කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ දී තිරගත වීමට නියමිතය.


    කෑන්ස් සම්මානලාභී මෙක්සිකානු සිනමා අධ්‍යක්ෂ කාලෝස් රෙගදාස් (Carlos Reggadas) විසින් "සිනමාවේ චලන රූප අධ්‍යක්ෂණය" (Directing the moving images in cinema) යන මාතෘකාව යටතේ දෙවන වැඩමුළුව මෙහෙයවීමට නියමිතය.

     

    මෙම වැඩමුළුව අදියර දෙකකින් පැවැත්වෙන අතර පළමු අදියර සැප්තැම්බර් 04 හා දෙවන අදියර සැප්තැම්බර් 05 පවත්වන්නට සැලසුම් කර ඇත. මෙම වැඩමුළුව සඳහා පැමිණෙන සිසුන්ට එම අදියර දෙකට ම සහභාගි වීමේ අවස්ථාව හිමි වනු ඇත.

     

    මෙය රෙගදාස් ගේ පළමු ශ්‍රී ලංකා සංචාරය වන අතර මෙහි දී ඔහු විසින් පවත්වනු ලබන වැඩමුළුව ආසියාවේ ඔහුගේ පළමු කුසලතා ප්‍රවර්ධන වැඩසටහන ද වේ.


    වැඩමුළු මාලාවේ අවසානය බර්ලින් සහ ඩුබායි ජාත්‍යන්තර සිනමා උළෙලවල් සඳහා දකුණු ආසියානු සිනමාව පිළිබඳ උපදේශක, ප්‍රවීණ සිනමා විචාරක මීනක්ෂි ෂෙදේ (Meenakshi Shedde) මෙහෙයවීමට නියමිතය.

     

    සැප්තැම්බර් 05 වැනි දින පැවැත්වෙන එම වැඩසටහන "වඩා හොඳ තිරරචනය සහ සිනමා උළෙල උපායයන්" (Better Screenplays and Festival Strategies) යන මාතෘකාව යටතේ සිදු කිරීමට අපේක්ෂා කෙරේ.


    මීනාක්ෂි ෂෙදේ විසින් සංකීර්ණ සහ උද්වේගකර ලෝක සිනමාව විචක්ෂණශීලි ලෙස විමර්ශනය කිරීමට සිය ශිෂ්‍යයන්ට මග පෙන්වනු ඇති බැවින් ඊට සහභාගී වන සියල්ලන්ටම ප්‍රඥාපූර්ණ අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

     

    මේ වන විටත් අයදුම්පත් මඟින් මෙම කුසලතා ප්‍රවර්ධන වැඩමුළු සඳහා සහභාගීවන්නන් තෝරාගෙන ඇති අතර  අවශ්‍ය සියලු තොරතුරු www.iffcolombo.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya