අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව පරපුරේ ගායන ශිල්පිණී යොහානී ද සිල්වා තරුණ පරපුරට, කලා ක්ෂේත්‍රයට ආදර්ශයක්

    සැප්තැම්බර් 27, 2021

    නව පරපුරේ ගායන ශිල්පිණී යොහානී ද සිල්වා තරුණ පරපුරට, කලා ක්ෂේත්‍රයට ආදර්ශයක්

    මාධ්‍ය නිවේදනය

    ශ්‍රී ලාංකේය ගීතයක් ජාත්‍යන්තරය තුළ ජනප්‍රිය වෙමින් වාදනය වීම ශ්‍රී ලාංකිකයින් ලෙස අපට ආඩම්බර විය හැකි කාරණයකි. විදෙස් රටවල ගීත, නිර්මාණ රසවිදීමට පුරුදුව සිටි අපට දැන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහිත අපේම ගීතයක් ලෝක ගීත දර්ශකයේ ඉහළටම යමින් විවිධ භාෂාවන් කතා කරන, විවිධ සංස්කෘතීන් තුළ ජීවත්වන රසිකයින්ගේ හදවත් දිනාගැනීමට හැකිවීම කෙතරම් භාග්‍යයක්ද... එවැනි හපන්කමක්, දක්ෂකමක් එක්කල නව පරපුරේ ගායන ශිල්පිණී යොහානී ද සිල්වා රටට, තරුණ පරපුරට, කලා ක්ෂේත්‍රයට ආදර්ශයක් මෙන්ම අභිමානයක් බව සදහන් කළ යුතුය. එබැවින් ඇය වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් මාගේ සුබපැතුම් එක්කරමි.

    නිරන්තරයෙන් අප කුඩා යන ආකල්පයෙන් විසල් දෑ, අලුත් දෑ කිරීමට මැළිවී සිටිමු. මිලියන විසිදෙකක ජනගහණයක් සහිත ලෝකයේ කුඩා දූපතක ජීවත්වන අපට එම මානසිකත්වයෙන් මිදීමට අවශ්‍ය වුවද ඒ සදහා අවස්ථාවන් සොයා යාම ප්‍රමාදය. එහෙත් යොහානි ද සිල්වා නම් හුරුබුහුටි තරුණිය එම මානසිකත්වයෙන් අපව ගලවා ගැනීමට සමත්ව තිබේ. ශ්‍රී ලාංකිකයින් සතු දක්ෂතාවය, කුසලතාවය ලෝකයක් ජයගන්නට තරම් ප්‍රබල බව ඇය විසින් තවදුරටත් ඔප්පු කොට තිබේ.

    උත්සාහය, හැකියාව, වාසනාව එක්වූ තරු ගුණයෙන් පිරි නව යොවුන් ගායන ශිල්පිණියක් විසින් ගයන ලෝකයක් වසගයට ගත් මැණිකේ මගේ හිතේ ගීතය මේවන විට යූටියුබ් නැරඹුම් වාර මිලියන 127 ඉක්මවා ගොස් ඇති අතර ලෝකයේ ජනප්‍රියම ගීත 10 අතරේ පවතින ගීතයකි. මෙම ගීතය ජනප්‍රිය කරමින් ගායනා කරන යොහානි ද සිල්වාට, මෙන්ම එහි නිර්මාණකරුවන් වන සතීශාන් රත්නායක, පද රචක දුලාන් සහ සංගීතවත් කළ චමත් සංගීත්ටද සුභාසිංශන එක් කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.

    විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ (පා.ම)
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya