අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා සමුගනී

    සැප්තැම්බර් 06, 2021

    ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීන ගායක සුනිල් පෙරේරා මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.

    කොවිඩ් රෝගය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ සුනිල් පෙරොරා මහතා ඉන් සුවය ලබා නිවසට ගොස් සිටියදී පසුව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසියේ රෝහල්ගත කෙරුණු අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වූ බව දැනගන්නට ඇත.

    අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 68 වන වියෙහි පසුවිය.

    ශ්‍රී ලාංකික කණ්ඩායම් සංගීත කලාවේ ජ්‍යෙෂ්ඨතම කලාකරුවන්ගෙන් කෙනෙකු වූ සුනිල් පෙරේරා මහතා, දෙස් විදෙස් ශ්‍රී ලිංකිකයන්ට සදා මතකයේ රැන්දූ ගීත රැසක් දායාද කිරීමට සමත් විය.

    තමාට අනන්‍ය වූ දේශපාලන දර්ශනයක් මත නිරන්තරයෙන් සෘජු මතවාදයක සිටි සුනිල් පෙරේරා මහතා, සමාජ අසාධාරණය දුටු සැනින් එය පෙන්වා දීමට නොපැකිළිව කටයුතු කළ කලාකරුවෙකි.

    ඔහුගේ ගීත කලාව තුළද සමාජ දේහපාලනික මතවාදයන් මනාව ප්‍රකට කරමින් රසික ජනතාවගේ තෙවනැස පෑදීමට උත්සාහ කළේය.

    ඒ සදහා ඔහුටම අනන්‍ය වූ ප්‍රභල කටහඩ, ගීතය තව තවත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගැනීමට සමත් විය.

    සදා ප්‍රේක්ෂක මතකයේ රැදෙනා හඩක් ඉතිරි කර කොවිඩ් මාරයාගේ ගොදුරක් බවට පත්වූ ඔබට ස්වර්ගස්ථයේ දොරටු විවර වේවා!

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya