අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 දසලක්ෂ වෙනි සංචාරකයා දිවයිනට

    අගෝස්තු 28, 2014

    2014 වසරේ වාර්තාගත දසලක්ෂ වෙනි සංචාරකයා අද (28) දවල් 12.45ට පමණ කටුනායක, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


    දසලක්ෂ වෙනි සංචාරකයා ලෙස පැමිණියේ බ්‍රිතාන්‍ය ජාතික ජෝසුවා ග්ලඩ්ස්ටයින් සහ සොෆී නාදන් (Mr. Joshua Gladstein and Ms. Sophie Nathan) යන සංචාරක යුවලයි. ඔවුන් ශ්‍රී-ලංකාවට පැමිණ තිබෙන්නේ ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය වෙනුවෙනි. UL 504 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඔවුන් ලන්ඩන් නුවර සිට පැමිණ ඇත.


    ශ්‍රී-ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර් මහතා ඇතුළු උසස් නිලධාරීන් විසින් එම වාර්තාගත සංචාරක යුවල, අද කටුනායක ගුවන් තොටුපොළේදී ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.


    විශේෂ සංස්කෘතික නර්තනාංග සහිතව ඔවුන් ගුවන් තොටුපොළේ දී පිළිගන්නා ලද අතර දසලක්ෂ වැනි සංචාරකයා ලෙස මෙරටට පැමිණීමට ලැබීම ගැන අතිශයින් සතුටු වන බව ඔවුහු පැවසූහ. ශ්‍රී ලංකා සංචරණය මඟින් ඔවුන් වෙත විශේෂ තිළිණ පිළිගන්වන ලද අතර ඔවුන්ට අනුග්‍රාහකත්ව පැකේජයක් ද හිමි වේ.


    2012 වසරේ දස ලක්ෂ වෙනි සංචාරකයා දිවයිනට පැමිණ තිබුණේ 2012 දෙසැම්බර් 30 වැනි දාය. වසරක් තුළ සංචාරකයින් දස ලක්ෂයක් දිවයිනට පැමිණි පළමු අවස්ථාව ද එය විය. 2013 වසරේ දී සංචාරකයින් දස ලක්ෂය සපුරා ගත්තේ 2013 නොවැම්බර් මාසය අවසානයේදී ය. පසුගිය වසරේ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයාගත් අතර එම ආදායම මේ වසරේදී ඩොලර් බිලියන 1.8ක් දක්වා වර්ධනය කිරීමට ඉලක්ක කර තිබේ.


    මෙරටට සංචාරකයින් මිලියන 2.5ක් 2016 දී ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වේ.

     

    HC

    Sri Lanka Tourism welcomes 1000000 Tourist of year 2014 1

     

    Sri Lanka Tourism welcomes 1000000 Tourist of year 2014 3

     

    Sri Lanka Tourism welcomes 1000000 Tourist of year 2014 2

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya