මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    EDEX ප‍්‍රදර්ශනය දැයේ දරුවන් ජාත්‍යන්තරව සවිබල ගන්වන්නට පෙරමග ගනී

    අගෝස්තු 28, 2014


    ද්විතීයක පාසැල් අධ්‍යාපනයෙන් අනතුරුව රැකියා වෙළඳපොළ කරා යොමු වන යෞවන යෞවනියන්ට, ඒ සඳහා ඇති විවිධ තෝරා ගැනීම් හා මඟ පෙන්වීම් සඳහා පෙරමඟ දක්වන දිවයිනේ ප‍්‍රමුඛතම වේදිකාව බවට EDEX පත් වී ඇත.  වසර 11ක් තිස්සේ මෙය ක්‍රියාත්මක වේ.


    දෙවන වරටත් ඉදිරිපත් කරන EDEX 2014 වසර මැද ප‍්‍රදර්ශනය ද තෘතීයක අධ්‍යාපන පාඨමාලා, නිපුණතා සංවර්ධන අවස්ථා හා රැකියා මාර්ග සමගින්  මේ මස 30, 31 දෙදින තුළ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා  ඇත.

    වෘත්තීය හා නිපුණතා සංවර්ධන ආයතනය සේ ම තෘතීයක අධ්‍යාපන ආයතන ගණනාවක් ද දැනටමත් ඔවුන්ගේ ප‍්‍රදර්ශන කුටි සඳහා ඉඩකඩ වෙන් කරගෙන ඇත. එසේම දේශීයව හා විදේශීයව පවත්වනු ලබන විවිධ උසස් අධ්‍යාපන, තෘතීයක හා වෘත්තීය පාඨමාලා ගණනාවක් පිළිබඳව දැනුවත් වීමේ වරම මෙහිදී තරුණ තරුණියන්ට උදා වේ.  ඒවාට ක්‍ෂණිකව ඇතුළත්වීමට සේ ම පූර්ණ හා අර්ධ ශිෂ්‍යත්ව වැනි වරප‍්‍රසාදවලට හිමිකම් කීමට ද ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත.  මෙහි ඇති කුටි ගණන 145 ඉක්මවන අතර, ඒවා රටවල් 11ක ප‍්‍රදර්ශකයන් 85ක් විසින් ඉදිරිපත් කරනු ලබයි.


    බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ සම්බන්ධීකරණයෙන් බි‍්‍රතාන්‍ය විශ්වවිද්‍යාල සමුහයක් මෙහි සිය පාඨමාලා සඳහා සෘජුවම බඳවා ගැනීම් කරනු ඇත.


    මේ හා සමගාමීව පවත්වන 2014 රැකියා පොළ රැකියා අවස්ථා සපයන්නන් හා රැකියා සොයන්නන් මුහුණට මුහුණ හමුවන වටිනා අත්දැකීමක් වනු ඇත. එහිදී දේශීය හා විදේශීය රැකියා අවස්ථා දහස් ගණනාවක් ඉදිරිපත් කරනු ලබන අතර, තම වෘත්තීය ජීවිතය වඩාත් සාර්ථකව කළ එළි කරගැනීමට ඉවහල් වන වෘත්තීය මාර්ගෝපදේශන සේවාවන් ද නොමිලේ පැවැත්වේ.
     

    යුනිලිවර් ආයතනය රැකියාපොළ සඳහා අනුග‍්‍රහය දැක්වීම සුවිශේෂ කරුණකි. රැකියාපොළ ශ‍්‍රී ලංකාවේ සම්භාවනීය ආයතන 20කට අධික සංඛ්‍යාවක් විසින් ඉදිරිපත් කරන කුටි 42 කින් පමණ සමන්විත වනු ඇත.



    EDEX 2014 වසර මැද ප‍්‍රදර්ශනය ජනාධිපති කාර්යාලය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශය, ඵලදායිතා සංවර්ධන අමාත්‍යාංශය හා ලෝක කම්කරු සංවිධානයේ ශ‍්‍රී ලංකා කාර්යාලය මගින්ද නිර්දේශ කර තිබේ.


    ලංකා වාණිජ මණ්ඩලය, ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ශ‍්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සපයන්නන්ගේ සංගමය සමඟ ලංකා සේවා නියුක්තිකයන්ගේ සංගමය මේ සඳහා ක‍්‍රමෝපායික සහකාරත්වය දක්වයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya