මේ කෘතිය පසුගියදා කොළඹදී එළිදැක්වීම සිදු කළ අතර අද වන විට විශාල පාඨක ඉල්ලුමක් මෙම ග්‍රන්ථය සඳහා ඇති වී තිබේ. අමාත්‍යවරයාගේ විද්‍යාව, තාක්ෂණය, බලශක්තිය, දේශපාලනය හා පරිපාලනය පිළිබඳ හසල දැනුම හා ලද අත්දැකීම් මුල්කොට ගනිමින් රචිත මෙම කෘතිය පිළිබඳව සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන විද්වත් කණ්ඩායම් අතර සංවාදයක් ද ගොඩනැගී තිබේ.
අමාත්‍යවරයා සතු දැනුම හා ලද අත්දැකීම් බිඳක් අනාගත සුබ සිද්ධිය උදෙසා මානව සමාජය වෙත පිළිගැන්වීම මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ අභිමථාර්ථය වන අතර පාඨක ඉල්ලීම සපුරාලමින් විශේෂ එළිදැක්වීමකින් සෙංකඩගලපුර සහෘද පාඨකයන්ට මෙම ග්‍රන්ථය ලබාදීමට කටයුතු සංවිධානය කොට තිබේ.
මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී මහාචාර්ය ශාන්ත හෙන්නායක, කථීකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය සහ ග්‍රන්ථයේ කර්තෘ අමාත්‍ය පාඨලී චම්පික රණවක විද්වතුන් විසින් මෙහි විශේෂ දේශන සිදු කිරීමට නියමිතය.
NDH