මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාල්ටන් "සිඟිති බක්මහ උළෙල" මහනුවර පල්ලේකැලේ දී

    අප්‍රේල් 07, 2014

    කාල්ටන් පෙරපාසල් සමූහයේ මහනුවර ශාඛාවේ සිඟිති බක්මහ උළෙල පසුගියදා මහනුවර පල්ලේකැලේ කාල්ටන් පෙරපාසලේ දී පැවැත්විණි.


    සර්ව ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් ආරම්භ වූ මේ බක්මහ උළෙලේ අලුත් අවුරුදු ක්‍රීඩා රැසක් පැවැත්විණි. කිරි උතුරුවීම, අලුත් අවුරුදු ගනුදෙනු, නෑගම් යාම ආදී සාම්ප්‍රදායික අංග රැසකින් හා සිඟිති නර්තන, ගායනා ප්‍රසංගවලින් මෙය විචිත්‍රවත් විය.

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳ සිඟිති දූ පුතුන්ට අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙය සංවිධානය කළ බව මෙහි විදුහල්පතිනිය හා විධායක අධ්‍යක්ෂිකාව වන ජනාධිපති ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය පැවසුවාය.

    සිඟිති බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිතයන් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල හා මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ මහත්වරු ද දෙමාපිය, ගුරුවරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya