අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "කෙතයි බතයි අපේකමයි" කොළඹ දී

    අගෝස්තු 18, 2014

    "කෙතයි බතයි අපේකමයි" සාම්ප්‍රදායික ආහාර වැඩමුළුව  හා ආහාර ප්‍රදර්ශන තරගාවලිය කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


    මේ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් තරගකරුවන් රැසක් සහභාගි වී සිටියහ. අල වර්ග, කැඳ වර්ග, සුප් වර්ග, බීම වර්ග, රසකැවිලි හා වෙනත් ආහාර වර්ග තරගාවලිය සඳහා ඉදිරිපත් කර තිබුණි. මෙම තරගාවලියේ ප්‍රථම ස්ථාන හිමිකරගත් තරගකරුවන්ට ජාතික මට්ටමේ තරගාවලිය සඳහා තරග කිරීමේ අවස්ථාව හිමි වේ.


    මෙම වැඩසටහනේ දී දේශීය ආහාර පිළිබඳ දේශනයක් තිඹිරිගස්යාය ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඥානක පාණ්ඩිප්පෙරුම මහතා විසින් පවත්වන ලදී. කොළඹ දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී සුභාශි නාත්තන්ඩියගේ මහත්මිය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

    NDH/WJ-dmu colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya