අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇහැළේපොළ වලව්ව සංරක්ෂණය නාගරික සංවර්ධන අධිකාරියෙන්

    අගෝස්තු 18, 2014
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ඇහැළේපොළ වලව්ව සංරක්ෂණය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරනු ලැබ ඇත.
     
    ඇහැළේපොළ නිලමේතුමා ඇතුළු පවුලේ සාමාජිකයින් ඉංග්‍රීසීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඉංග්‍රීසීන් විසින් ඔවුන් සිරකර තැබීම සඳහා මෙම වලව්ව සිරගෙයක් බවට පත්කරන ලද අතර පසුව එය වටා තාප්පයක් ද බඳිනු ලැබීය. එසේ වුවද ඇහැළේපොළ නිලමේතුමා මුරිසි දිවයිනට පිටුවහල් කිරීමෙන් පසුව ද ඔවුන් විසින් දිගට ම මෙම වලව්ව සිරකුටියක් ලෙස පවත්වා ගෙන යනු ලැබීය.
     
    ශ්‍රි ලංකාවට නිදහස ලැබීමෙන් අනතුරුව ද මෙය රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස පවත්වා‍ගෙන ගොස් ඇති අතර 2012 වසරේ දී බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ තිබූ මෙම බන්ධනාගාරය ඉන් ඉවත්කර මහනුවර පළාත් අධ්‍යක්ෂ කාර්යාලය යටතට පත් කරනු ලැබීය.
     
    නාගරික සංවර්ධන අධිකාරිය විසින් අරඹා ඇති කොළඹින් පිටත ඇති නගර සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ලෝක උරුම නගරයක් ලෙස යුනෙස්කෝව විසින් නම් කර ඇති මහනුවර නගරය ද සංවර්ධනය කිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇති අතර ඒ යටතේ පෞරාණික ස්ථානයක් වන ඓතිහාසික ඇහැළේපොළ වලව්ව සංරක්ෂණය කිරීම සිදුකරනු ලබයි.
     
    විශාල මැද මිදුලක් සහිතව කාමර 10කින් සමන්විතව පැරණි ක්‍රමයට අනුව ඉදිකර ඇති මෙම වලව්ව බන්ධනාගාරයක් බවට පත්කිරීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය විවිධ වෙනස්කම් හා එක්කිරීම් ද සිදු කරනු ලැබ ඇත. මෙම ප්‍රතිසංස්කරණයන්ට අනුව පසුව එක්කරන ලද එම අනවශ්‍ය එකතු කිරීම් ඉවත් කරනු ලබන අතර පැරණි වලව්වේ ‍තිබූ පෞරාණික බව ඒ ආකාරයෙන්ම ඉස්මතුවී එන ආකාරයට සංරක්ෂණය කරනු ඇත. මේ සඳහා හමුදා ශ්‍රම දායකත්වය ද ලබා දී ඇත.
     
    මේ අනුව එම වලව්වේ බිත්ති ආදිය ඒ තිබූ තත්ත්වයටම ගෙන එන පරිදි අලුත්වැඩියා කිරීම දැන් ආරම්භ කර තිබේ. මෙසේ පැරණි වලව්ව ඒ ආකාරයටම සංරක්ෂණය කර එය වසා නොදමා එහි නඩත්තු කටයුතු සඳහා යම් ආදායමක් උපයාගත හැකි ආකාරයේ දෙස් විදෙස් සංචාරකයන් යන එන ස්ථානයක් ලෙස පවත්වාගෙන යන්නැයි ආරක්ෂක ලේකම්වරයා උපදෙස් දී ඇත.
     
    ඇහැළේපොළ වලව්වට අමතරව බෝගම්බර හිරගෙදර සංරක්ෂණය කිරීම ද සිදුවෙයි. 
     
    ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන් දියේ ගිල්වා මරා දැමූ ස්ථානය ආදිය ද ඒ තුළ තිබේ. එම ස්ථාන සංරක්ෂණය කරනු ලබන අතර හිරගෙදරක් ලෙස පවත්වාගෙන ගිය කාලයේ එහි තිබූ එල්ලුම් ගස් සහිත කුටිය ආදිය කෞතුක ස්ථානයක් බවට පත් කරනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya